අනතුරක් සිදුකර පළාගිය, වැලිගම හිටපු සභාපති රිමාන්ඩ් (වීඩියෝ)

රිය අනතුරක් සිදු කර පලා යාම සම්බන්ධයෙන් දින 04 කට පසු පොලීසිය වෙත බාර වීමෙන් අනතුරුව සැක පිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ වැලිගම ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සහ එම ප්‍රාදේශීය සභාවේ සර්ව ජන බලය පක්ෂයේ වත්මන් මන්ත්‍රී පුෂ්පකුමාර බැට්ටගේ ලබන 06 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් හසන්ත ජයසූරිය මහතා ඊයේ (29) නියෝග කළා.

වැලිගම මූලස්ථාන පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් සැකකාර මන්ත්‍රීවරයා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

ඉකුත් 24 වැනි දින වැලිගම, දෙනිපිටිය ප්‍රදේශයේ දී සැකකරු කැබ් රථයක් පදවා ගෙන ගොස් යතුරු පැදියක හැපීමෙන් පසු පලා ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලීසිය අධිකරණය වෙත කරුණු දක්වමින් කියා සිටියා.

තවද එම අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු මාතර මහ රෝහල වෙත ඇතුළත්කර නේවාසික ප්‍රතිකාර ලබා ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මෙහිදී සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා.

සර්වජන බලය පක්ෂයේ වැලිගම ආසන සංවිධායකයා වන්නේද පුෂ්ප කුමාර බැට්ටගේ යි.

  1. ඔන්න දැක්ක නේද සරුව බල පස්සෙ එවුන්ගෙ කෙරුවාව. මෙහෙම එවුන් ඉන්න පක්ෂෙකටද චන්දෙ දෙන්න කියන්නෙ.
    ඔය කියන බෙට්ටද මොකාද එකාට අනිවාර්යෙන්ම පාතාලේ සම්බන්ද කම් ඇති. එකනේ හප්පලා පැනල ගියේ.