අනතුරක් සිදුකර පලා ගිය සිසුවෙකු ඇල්ලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා

අනතුරක් සිදුකර පලා යමින් සිටි සිසුවෙකු අල්ලා පොලිසියට භාර දීමට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා කටයුතු කර තිබුණා.

මන්ත්‍රීවරයා විසින් මෙලෙස බණ්ඩාරගම පොලිසියට භාර දී තිබුණේ බණ්ඩාරගම රයිගම පදික මාරුව අසලදී යතුරු පැදි කරුවෙකු අනතුරට ලක් කර සුඛෝපභෝගී මෝටර් රථයකින් පලා යමින් සිටි ජාත්‍යන්තර පාසැලක සිසුවෙක්.

සැකකාර සිසුවා පරික්ෂාවකට ලක් කිරීමේදී ඔහු මත්පැන් පානය කර සිටි බවට අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කළා.

ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා ඊයේ සවස රැස්වීමකට සහභාගී සඳහා මදුරාවල ප්‍රදේශයේ සිට හොරණ දෙසට යමින් සිටියදී ඔහු ගමන් ගමන්ගත් වාහනයට සහ තවත් වාහන කිහිපයකට අපරික්ෂාකාරී ලෙස ඉස්සර කරමින් ධාවනය කල මෝටර් රථයක් නිරීක්ෂණය කර තිබෙනවා.

එම රථය රයිගම පදික මාරුව ආසන්නයේදී එම දිශාවටම ධාවනය කල යතුරුපැදියක ගැටි ඇති අතර යතුරුපැදිකරු එම ස්ථානයේ ඇද වැටුණු පසුවත් මෝටර් රථය නොනවත්වා ධාවනය කර තිබෙනවා.

අනතුරුව මන්ත්‍රීවරයා මේ බව 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී මෝටර් රථය ලුහුබැඳ ගොස් පොකුණුවිට අතුරු මාර්ගයකදී අල්ලාගෙන පොලිසියට භාර දීමට කටයුතු කර තිබුණා.

අනතුරෙන් තුවාල ලද පුද්ගලයා බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කර ඇති අතර සැකකාර සිසුවාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21