අධි ධාරිතාවයෙන් යුත් යතුරුපැදි ගැන තීරණයක්

නීත්‍යනුකූලව ලියා පදිංචි කර නොමැති අධි ධාරිතාවෙන් යුතු යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන උපදෙස් දී තිබෙනවා.

මෙරටට ගෙන්වා එකලස් කළ හා අධිධාරිතාවෙන් යුතු (එන්ජින් ධාරිතාව 450cc සිට ඉහළ ) යතුරුපැදි සඳහා නිසි ලියාපදිංචියක් සිදු කර භාවිත කළ හැකි අකාරයේ ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙසට යතුරුපැදි හා ක්‍රීඩා සමාජයක් විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව ඊට අදාළ පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේදී පවත්වා ඇත.

විවිධ කාල සීමා තුළ, විවිධ ආකාරයෙන් මෙරටට ගෙන්වන ලද අධිධාරිතාවයෙන් යුතු යතුරු පැදි 3,000ක්‌ 4,000ක්‌ පමණ මේ වන විට දිවයින පුරා විවිධ පුද්ගලයින් සතුව පවතින බව මෙම සාකච්ඡාවේදී කරුණු අනාවරණය වී තිබේ.

නමුත් නියමිත ආකාරයේ කිසිදු බදු ගෙවීමකින් තොරව මෙරටට ගෙන්වා ඇති මෙම යතුරුපැදිවලින් රජයට කිසිදු බදු ආදායමක් හෝ ලියා පදිංචි මුදලක් ගෙවීමක් සිදු නොකර ඇති බැවින් මෙම තත්ත්වය නිවැරදි කිර සිය යතුරු පැදි ලියාපදිංචි කිරීමට අවස්ථාවක් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එහිදී යතුරුපැදි හිමියන් විසින් ඉල්ලීමක් සිදු කරනු ලැබ ඇත.

ඒ අනුව, මේ පිළිබඳව පවතින නීතිමය තත්ත්වය සොයා බැලීමෙන් අනතුරුව මීට පෙර අයවැය යෝජනාවක් ලෙස ද සම්මතව ඇති එන්ජින් ධාරිතාව 1,000 දක්වා වන යතුරුපැදි ලියාපදිංචියට අනුමැතිය ලබා දීම සඳහා ක්‍රියා කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව අවශ්‍ය කරුණු සොයා බලා වාර්තා කරන ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙනු ලැබ තිබේ.

ඒ අනුව, නිශ්චිත කාලසීමාවකට පමණක් යටත්ව, අනාගතයට පූර්වාදර්ශයක් නොවන පරිදි මෙම යතුරුපැදි ලියාපදිංචි කිරීමට අවශ්‍ය නීතිමය වටපිටාව සකස් කර දීමටත්, රජය විසින් නියම කරනු ලබන අධිභාරයකට යටත්ව සීමිත කාලයකට මෙලෙස පවතින යතුරු පැදි ලියාපදිංචි කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමටත්, එම ලියාපදිංචිය ක්‍රීඩා ක්‍රියාකාරකම්වලට පමණක් සීමා කරමින් මාර්ගයේ ධාවනය කිරීම පිළිබඳව කටයුතු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් මෙහිදී කරුණු ඉදිරිපත් වී ඇත.

රටට නොලැබී යන බදු ආදායමක් නිශ්චිත කාල සීමාවක් තුළ යළි අය කර ගැනීම සහ නැවත නීති විරෝධී ක්‍රම තුළින් මෙරටට යතුරුපැදිය ගෙන්වීම අධෛර්මත් කිරීමටත්, නිසි නීතිරීති සම්පාදනය කිරීම තුළින් මාර්ග නීතිවලට අනුකූලව නිසි රිය පැදවීමේ ක්‍රමවේදයකට අනුගත කිරීම ඇතුළු අරමුණු රැසක් මෙලෙස අධිධාරිතාවෙන් යුතු යතුරු පැදි ලියාපදිංචිය නියමානුකූල කිරීම තුළින් සාක්ෂාත් කරගත හැකි වනු ඇති බවත් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් මෙහිදී අවධාරණය කරනු ලැබ තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31