අධිවේගී මාර්ග සේවක වර්ජනය ගැන බලන්න ප්‍රවාහන ඇමති යයි (වීඩියෝ)

අධිවේගී මාර්ගවල සේවකයන් ද ඇතුලුව මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තිය සමිති ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හමුවේ පවතින තත්ත්වය සොයා බැලීමට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විශේෂ නිරීක්ෂණයකට එක්ව තිබෙනවා.

ඒ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් අධිවේගී මාර්ගවල රථවාහන ධාවනය සඳහා පවතින තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහායි.

ඔහු කොට්ටාව සහ අතුරුගිරිය අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවල මෙලෙස නිරීක්ෂණයක නිරත වී තිබෙනවා.

මේ වන විට කොට්ටාව අධිවේගී මාර්ග අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ යුද හමුදාවේ නිලධාරීන් මගින් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ මුදල් අය කිරීම සිදුකරන අතර අතුරුගිරිය අන්තර් හුවමාරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් විසින් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ මුදල් අය කිරීම සිදු කරනු ලබනවා.

මෙම ස්ථානවල කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අසනීප නිවාඩු වාර්තා කර ඇති වර්ජකයින් විසින් අධිවේගී මාර්ගවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ මුදල් අය කිරීමට නොහැකි තත්ත්වයකට පත්කර තිබෙනවා. අධිවේගී මාර්ගයේ වල සේවයේ නිරත සියලු දෙනා අසනීප නිවාඩු වාර්තා කරමින් වෙනත් අයෙකුට රාජකාරි සිදු කිරීම සඳහා භාවිතා කළ හැකි යන්ත්‍ර සූත්‍ර උපකරණ සියල්ල ගලවාගෙන ගොස් තිබෙනවා. ඒ සියලු යන්ත්‍රසූත්‍ර පොදු දේපළ. ඒවා කඩා බිඳ තබා තිබෙනවා ද කවර ආකාරයේ තත්ත්වයක තිබෙනවාද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමකින් තොරව යුද හමුදාවට හෝ වෙනත් පාර්ශවයකට භාරදී ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට ලබාදීමේ හැකියාවක් නැහැ. ඒ හේතුවෙන් මේ වන විට තාවකාලික ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරමින් රජයේ ආදායම අහිමි වීම වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා.

රටක් වශයෙන්, රජයක් වශයෙන් බරපතළ මූල්‍ය අර්බුදයක්, ආර්ථික අර්බුදයක් මත සිටින අවස්ථාවක රජයට ලැබිය යුතු ආදායම නොලැබී යාමෙන් ඇතිවන තත්ත්වය තුළ ජනතාවට තව තවත් බදු පීඩනය වැඩිවීමේ අවදානමක් ඇතිවනවා. ආදායම් ලබාගත හැකි මාර්ග වල ආදායම් අහිමි වීම මෙවැනි ක්‍රියාමාර්ග තුළින් සිදු වනවා. මෙය දේශපාලන ක්‍රියාමාර්ගයක්. වෘත්තීය සමිති වශයෙන් ගෙන ඇති මේ ක්‍රියාමාර්ගය දේශපාලන වශයෙන් රජයේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ වෙනස් කිරීම සඳහා බල කරන වර්ජනයක්. එය සිදු කළ නොහැකියි.ඔවුන්ගේ ඕනෑම දුක්ගැනවිල්ලක් පිළිබඳව විෂයභාර අමාත්‍යවරයා වශයෙන් මා මැදිහත් වී තිබෙනවා.අමාත්‍යවරයෙකු සතු බලය අයුතු ලෙස පාවිච්චි කිරීමේ හැකියාවක් මට නැහැ. රාජ්‍ය සේවා කොමිෂන් සභාව, වැටුප් හා සේවක කොමිෂන් සභාව, වැනි ආයතන වලට ඉදිරිපත් කර ඇති කරුණු අනුව ඒවායේ තීන්දු තීරණ වලට වගකිවයුතු අමාත්‍යවරයකු වශයෙන් යටත් විය යුතුයි. ප්‍රචණ්ඩත්වය සහ මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියා මාර්ග තුළින් ඒවාට දන ගැසීමේ හැකියාවක් නැහැ. එම නිසා ඉතාමත් ඉක්මනින් තමන් සතුව යම් කිසි රාජ්‍ය දෙපලක් පවතිනවානම්, තමන් වැඩ නොකරනවා නම් වැඩ කළ හැකි කෙනෙකුට මේ දේපොළ භාර දෙන ලෙස මා ඉල්ලීමක් සිදු කරනවා. එම දේපොළ වලට යම්කිසි හානියක් සිදුකර තිබෙනවා නම් පරීක්ෂණයකින් අනතුරුව ලබා දිය හැකි නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම සඳහා අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

දැනට ඩිජිටල් තාක්ෂණය යටතේ ස්වයංක්‍රීයව මුදල් අය කිරීම, ඇතුල් විම සහ පිටවීම පාලනය කළ හැකි, වංචා දූෂණ සිදුකළ නොහැකි, ආරක්ෂිත කැමරා පද්ධති ආදිය ඇතුළත් ක්‍රමවේදයක් පිළිබඳ අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා.
මෙය ඉතාමත් කඩිනමින් සම්පූර්ණ ස්වයංක්‍රීය තත්ත්වයට පත් කර පුර්ණ ඩිජිටල්කරණය සඳහා අවසර ලබාදෙන ලෙසත් ඒ තුළින් රාජ්‍ය ආදායම අවහිර කරන කඩාකප්පල්කාරී ක්‍රියා සඳහා ඉඩ නොදෙන තත්ත්වයට ඇතිකිරීමට මැදිහත් වන ලෙසත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් සිදු කරනවා. මහජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන, ආයතනය පවත්වාගෙන යෑම සඳහා ප්‍රමාණවත් ආදායමක් ඉපයීම නොකරන ස්ථානවල, උපයන ආදායම හෝ ලබා ගැනීමට අවහිර කිරීම ජාතික අපරාධයක්. ඒ අපරාදය සිදු වීමට අප ඉඩ ලබා දෙන්නේ නැහැ.

පසුගිය සතියේ නිලධාරීන් සහ වෘත්තිය සමිති අතර පැවති සාකච්ඡාවක දී පැහැදිලිවම මේ වර්ජන ක්‍රියාමාර්ගය සිදු නොකරන ලෙස උපදෙස් ලබා දුන්නා. මේ වන විට අයවැය සම්මත වී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවැනි වාරිකය ලබාගෙන, ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගැනීමට උත්සහ කරන රටක් වශයෙන් ජාතික ප්‍රයත්නයක් දරණ අවස්ථාවක පටු දේශපාලන අරමුණු වෙනුවෙන් හා පුද්ගලික පරමාර්ථ වෙනුවෙන් රාජ්‍ය දේපල මෙලෙසින් යොදාගැනීමට ඉඩ දීමට හැකියාවක් නැහැ. මේ තුළින් රජයේ ආදායම් ලබාගැනීම හිතාමතා ඕනෑකමින්, සැලසුම් සහගතව නතර කිරීම සිදුකර තිබෙනවා. අපි ඒ ගැන සොයා බලනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20
Video thumbnail
PUCSL සභාපතිද ? NPP මන්ත්‍රීද ? දැන් ඇත්ත කියන්නේ ?..ඔක්කොම බොරු කරලද දැන්
01:17
Video thumbnail
රනිල්ගේ - අනුරගෙයි ආර්ථික කළමණාකරනය ගැන කියන රාජිත.. රනිල් රු.293 වෙනකල් අඩුකළා
01:25
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22