අධිවේගී මාර්ග බස් ගාස්තු අඩුවෙයි

අධිවේගී මාර්ගවල ධාවනය වන බස් ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 100කින් පහත දැමීමට පියවර ගන්නා බව පෞද්ගලික බස් සංගම් පවසනවා.

ඒ අනුව අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන අධි සුඛෝපභෝගී සුඛෝපභෝගී සහ අර්ධ සුඛෝපභෝගී බස් සේවාවල ගාස්තු සංශෝධනය කෙරෙනු ඇති.

කාර්යාල ප්‍රවාහන සේවාවන්වල ගාස්තු ද අඩු කෙරෙන බවයි ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ කියාසිටියේ.

මේ අතර අද (29) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකෙරෙන ඉන්ධන මිලෙහි සංශෝධනය අනුව බස් රථ ගාස්තුද කඩිනමින් සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන උපදෙස් ලබා දී තිබෙනවා.

ඩීසල් ලීටරයක මිල රුපියල් 80 කින් පහත හෙලීමට සමගාමීව, මෙලෙස බස් ගාස්තු සංශෝධනය කරන ලෙසටයි අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ.

ඒ අනුව දැනට පවතින අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහත හෙලන අතර හෙට 30 සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇති.

ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව අනෙකුත් බස් ගාස්තු වල සිදුකෙරෙන අඩු කිරීම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ජාතික ගමනා ගමන කොමිෂම විසින් කඩිනමින් ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.

මේ අතර ඉන්ධන මිල පහළ දැමීමට ප්‍රතිචාර දක්වමින් ත්‍රීරෝද රථ ගාස්තුව ද අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සුදිල් ජයරුක් සඳහන් කළේ දිවයින පුරා ත්‍රීරෝද රථ ගාස්තුව කිලෝමීටරයකට රුපියල් 20කින් අඩු කිරීමට අද මධ්‍යම රාත්‍රියේ සිට පියවර ගන්නා බවයි.

එහිදී, දෙවැනි කිලෝමීටරය රුපියල් 80කට ධාවනය කිරීමට අදාළ වෙනස් කිරීම් වහාම සිදුකරගන්නා ලෙස ත්‍රීරෝද රථ රියදුරන්ට උපදෙස් දෙන බව ද ඔහු ප්‍රකාශ කළා.

හිතුමතේ ගාස්තු අයකරන ත්‍රීරෝද රථ නියාමනය සඳහා රජය වහාම වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවයි සුදිල් ජයරුක් මහතා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48