අධිවේගී මාර්ගවල රාජකාරීවලින් STF ඉවත් කර ගැනීමට අවධානය

මෙරට අධිවේගී මාර්ගවල දැනට රාජකාරියේ යොදවා ඇති ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය ඉටුකරනු ලබන කාර්යයන් සහ එහිදී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල හදිසි අනතුරු, ගිනිගැනීම් වැනි අවස්ථාවලදී සහ අපරාධ මැඩලීම සඳහායි දැනට ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය ක්‍රියාත්මක වනු ලබන්නේ.

එම කාර්යයන්වලින් පොලිස් විශේෂ කාර්ය බළකාය ඉවත් කර ගැනීමත්, ඔවුන් මෙතෙක් ඉටු කළ ආකාරයෙන් එම කාර්යයන් විධිමත්ව ඉටු කිරීමේ වගකීම පැවරීම සඳහා විකල්ප ක්‍රමවේදයක් ඇති කිරීම පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

මේ සඳහා වූ යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණු අතර මෙම කාර්යයන් වඩාත් වගකීමෙන් සහ විධිමත්ව ඉටුකරගත හැකි පරිදි සහ මාර්ග සංවර්ධන අධිකාරියට එම කටයුතු නිසි ලෙස කළමනාකරණය කරගත හැකි විධිමත් නිශ්චිත වැඩපිළිවෙළක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මූලිකත්වයෙන් සකස් කර කඩිනමින් ඉදිරිපත් කරන ලෙසටයි සාගල රත්නායක මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ හා ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09