අධිවේගී මාර්ගයේ ලොරි රථ දෙකක් ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට (ඡායාරූප)

අධිවේගී මාර්ගයේ කොට්ටාව – අතුරුගිරිය අතර කිලෝමීටර් 03 කණුව අසල දී ලොරි රථයක පිටුප තවත් ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (28) අලුයම් කාලයේ මෙම අනතුර සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම අනතුරින් පිටුපසින් පැමිණි ලොරි රථයේ ගමන් ගත් රියදුරු සහ කාන්තාවක් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේ දී කාන්තාව මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය, සෙවනගල, කොවුල්ආර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක්.

ඇඹිලිපිටිය බලා යෑමට කඩුවෙල අධිවේගී පිවිසුම අසල දී ඇය මෙම ලොරි රථයට ගොඩ වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම ලොරි රථය කඩුවෙල දෙස සිටකොට්ටාව දෙසට ගමන් කිරීමේ දී අතුරුගිරිය කිලෝමීටර් 03 කණුව ආසන්නයේ කාර්මික දෝෂයකට ලක්ව නවතා තිබූ තවත් ලොරි රථයක පිටුපස ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරට පත් ලොරි රථය පොහොර තොගයක් පටවාගෙන කොළඹ සිට ඇඹිලිපිටියට යමින් තිබූ කන්ටේනර් රථයක් බවයි අතුරුගිරිය අධිවේගී පොලිස් මුරපොළ සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17