spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධිවේගී මාර්ගයේ ලොරි රථ දෙකක් ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට (ඡායාරූප)

අධිවේගී මාර්ගයේ කොට්ටාව – අතුරුගිරිය අතර කිලෝමීටර් 03 කණුව අසල දී ලොරි රථයක පිටුප තවත් ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (28) අලුයම් කාලයේ මෙම අනතුර සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම අනතුරින් පිටුපසින් පැමිණි ලොරි රථයේ ගමන් ගත් රියදුරු සහ කාන්තාවක් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේ දී කාන්තාව මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය, සෙවනගල, කොවුල්ආර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක්.

ඇඹිලිපිටිය බලා යෑමට කඩුවෙල අධිවේගී පිවිසුම අසල දී ඇය මෙම ලොරි රථයට ගොඩ වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම ලොරි රථය කඩුවෙල දෙස සිටකොට්ටාව දෙසට ගමන් කිරීමේ දී අතුරුගිරිය කිලෝමීටර් 03 කණුව ආසන්නයේ කාර්මික දෝෂයකට ලක්ව නවතා තිබූ තවත් ලොරි රථයක පිටුපස ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරට පත් ලොරි රථය පොහොර තොගයක් පටවාගෙන කොළඹ සිට ඇඹිලිපිටියට යමින් තිබූ කන්ටේනර් රථයක් බවයි අතුරුගිරිය අධිවේගී පොලිස් මුරපොළ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
6
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?