spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධිවේගී මාර්ගයේ ලොරි දෙකක් ගැටී 3කට තුවාල (ඡායාරූප)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගොඩ ප්‍රදේශයේදී ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මාළු ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක්, තැඹිලි සහ කෙසෙල් රැගෙන යමින් තිබූ ලොරියක ගැටීමෙන් ඊයේ රාත්‍රී මෙම අනතුර සිදුවී ඇත්තේ කිලෝමීටර් 12.8 ආසන්නයේදී යි.

ගාල්ල සිට පෑලියගොඩට මාළු රැගෙන යමින් තිබූ ලොරියක් ඉදිරියෙන් ගමන් ගමන් ගත් කෙසෙල් සහ තැඹිලි පටවා ගෙන ඌරුබොක්ක ප්‍රදේශයේ සිට කඩුවෙල දක්වා ගමන් කරමින් තිබූ ලොරියේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.

මාලු ලොරිය කෙසෙල් ලොරියේ ගැටීමත් සමඟම එම ලොරිය අධිවේගී මාර්ගයේ මීටර් කිහිපයක් ඉදිරියට විසිවී මාර්ගයෙන් ඉවතට ගොස් කාණු පද්ධතිය මත පෙරලී ගොස් ඇතැයි සඳහන්.

මාළු ලොරිය අනතුර සිදුවූ ස්ථානයේ සිට මීටර් 50ක් පමණ ඉදිරියට ගොස් නතරවී තිබෙනවා.

කෙසෙල් ලොරි පෙරළීම සමගම එහි තිබූ කෙසෙල්, තැඹිලි, පොල් සහ අනෙකුත් පළතුරු මාර්ගයේ විසිරී ගොස් තිබුණා.

අනතුර සමග පොලිස් විශේෂ කාර්ය බලකා ජීවිත ගලවා ගැනීමේ සහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් මාලු ලොරියේ ඉදිරිපස අසුනේ බරපතළ තුවාල ලබා සිරවී සිටි පුද්ගලයා යාන්ත්‍රික උපකරණ භාවිතයෙන් පිටතට ගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසෙල් ලොරියේ ගමන් ගත් තවත් පුද්ගලයන් දෙදෙනකු මාර්ගයේ ගමන් ගත් වාහනයකින් රෝහල් ගත කිරීමට පියවර ගැනුණා.

මෙම අනතුරින් කෙසෙල් සහ තැඹිලි ප්‍රවාහනය කල ලොරියට දැඩි අලාභ සිදු වී ඇති අතර මාළු ප්‍රවාහනය කළ ලොරියේ ඉදිරිපස වම් පස ප්‍රදේශයට අලාභ සිදු වී තිබෙනවා.

මාළු ලොරියේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලිසිය පවසන අතර ගැලණිගම රථවාහන පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?