අධිවේගී මාර්ගයේ ලොරි දෙකක් ගැටී 3කට තුවාල (ඡායාරූප)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගොඩ ප්‍රදේශයේදී ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මාළු ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක්, තැඹිලි සහ කෙසෙල් රැගෙන යමින් තිබූ ලොරියක ගැටීමෙන් ඊයේ රාත්‍රී මෙම අනතුර සිදුවී ඇත්තේ කිලෝමීටර් 12.8 ආසන්නයේදී යි.

ගාල්ල සිට පෑලියගොඩට මාළු රැගෙන යමින් තිබූ ලොරියක් ඉදිරියෙන් ගමන් ගමන් ගත් කෙසෙල් සහ තැඹිලි පටවා ගෙන ඌරුබොක්ක ප්‍රදේශයේ සිට කඩුවෙල දක්වා ගමන් කරමින් තිබූ ලොරියේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.

මාලු ලොරිය කෙසෙල් ලොරියේ ගැටීමත් සමඟම එම ලොරිය අධිවේගී මාර්ගයේ මීටර් කිහිපයක් ඉදිරියට විසිවී මාර්ගයෙන් ඉවතට ගොස් කාණු පද්ධතිය මත පෙරලී ගොස් ඇතැයි සඳහන්.

මාළු ලොරිය අනතුර සිදුවූ ස්ථානයේ සිට මීටර් 50ක් පමණ ඉදිරියට ගොස් නතරවී තිබෙනවා.

කෙසෙල් ලොරි පෙරළීම සමගම එහි තිබූ කෙසෙල්, තැඹිලි, පොල් සහ අනෙකුත් පළතුරු මාර්ගයේ විසිරී ගොස් තිබුණා.

අනතුර සමග පොලිස් විශේෂ කාර්ය බලකා ජීවිත ගලවා ගැනීමේ සහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් මාලු ලොරියේ ඉදිරිපස අසුනේ බරපතළ තුවාල ලබා සිරවී සිටි පුද්ගලයා යාන්ත්‍රික උපකරණ භාවිතයෙන් පිටතට ගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසෙල් ලොරියේ ගමන් ගත් තවත් පුද්ගලයන් දෙදෙනකු මාර්ගයේ ගමන් ගත් වාහනයකින් රෝහල් ගත කිරීමට පියවර ගැනුණා.

මෙම අනතුරින් කෙසෙල් සහ තැඹිලි ප්‍රවාහනය කල ලොරියට දැඩි අලාභ සිදු වී ඇති අතර මාළු ප්‍රවාහනය කළ ලොරියේ ඉදිරිපස වම් පස ප්‍රදේශයට අලාභ සිදු වී තිබෙනවා.

මාළු ලොරියේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලිසිය පවසන අතර ගැලණිගම රථවාහන පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51