අධිවේගී මාර්ගයේ ගිය ලොරියක රියදුරෙක් ජීවිතක්ෂයට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව දෙසට ගමන් කරමින් තිබූ ලොරියක රියදුරෙකු මියයාම සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

අද පෙරවරු 7.30ට පමණ අධිවේ මාර්ගයේ ජංගම පොලිස් මුර සංචාර රථයේ සිටි නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත්තේ බද්දේගම පිවිසුම ආසන්නයේ කොළඹ දෙසට වන මංතීරුවේ ලොරි රථයක් ආරක්ෂිත වැටෙහි ගැටී නතර වී ඇති ආකාරයයි.

අනතුරුව පොලිස් නිලධාරීන් කළ පරීක්ෂාවේදී එහි රියදුරා සිහිසුන්ව සිටින බවට හෙළිවී තිබෙනවා.

අනතුරුව එම රියදුරා පොලිසිය විසින් බද්දේගම රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඔහු මියගොස් ඇති බවයි.

ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර රන්න සිට කොළඹ දක්වා තක්කාලි තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය සහ පින්නදූව අධිවේගී මාර්ග පොලිස් මුරපොළ පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28