අධිවේගී මාර්ගයේ සැප වාහනයක මල සිරුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශයේ නවතා තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් තුළ පුද්ගලයකු අභිරහස් ලෙස මියගොස් සිටියදී ඊයෙ (31)හමුවූ බව අළුත්ගම සහ වැලිපැන්න පොලිස් ස්ථාන භාර සහකාර පොලිස් අධිකාරී රමිඳු ද සිල්වා මහතා පැවසීය .

එලෙස මියගොස් ඇත්තේ මාලබේ ප්‍රදේශයේ පදිංචිවසිටි සිවිල් ඉංජිනේරුවකු වන දිනේෂ් ජයවීර (45) නැමැති ව්‍යාපාරිකයෙකි. ඔහු දෙදරු පියෙක් බව ද වාර්තා වේ.

මෙම සුඛෝපභෝගී ජීප් රථය(30)දින දහවල් 13.06 ට පමණ සේවා ප්‍රදේශයට ඇතුළු වන අයුරු එහි සවිකර ඇති ආරක්ෂක කැමරාවක සටහන්ව තිබු බව පොලීසිය පවසයි.

ඊයෙ (31) දහවල් සිට ජීප්රථය එම ස්ථානයේ නවතා තිබූ අයුරු දුටු සේවා ප්‍රදේශයේ සේවකයන් විසින් ඒ පිළිබඳ සොයා බැලීමේදී පුද්ගලයකු පිටුපස අසුනේ සිටිනබව දැක කතා කළත් අවදි නොවූ හෙයින් ජීප් රථයේ ඉදිරි වම්පස පැති වීදුරුව කඩා පරීක්ෂා කිරීමේදී ඔහු මියගොස් සිටින අයුරු දැක ඒ බව පොලීසියට දැනුම් දී තිබේ.

මියගොස් ඇති පුද්ගලයා එම ජීප්රථයේ අයිතිකරු වන අතර ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට හැකි වී ඇත්තේ එහි පිටුපස අසුනේ තිබී බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුන් වන කපිල ප්‍රේමදාස ,නිශාන් ද සිල්වා , සහකාර පොලිස් අධිකාරී රමිඳුද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වැලිපැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ සිදු කරයි .

එම පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (1) කලුතර නාගොඩ රෝහලේ දී සිදුකිරීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළහ .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59