spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධිපතිට අගමැති පුප්පනවද ?දෙන්නා දෙමහල්ලො විරසකයි ද ?

මහ බැංකු අධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර මතභේදයක් ඇතැයි පළවන විවිධාකාරයේ වූ මාධ්‍ය වාර්තා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් තරයේ ප්‍රතික්ෂේප කරනවා.

මහ බැංකු අධිපතිවරයා උපුටා දක්වමින් මහ බැංකු නිල ට්විටර් ගිණුමේ තබා ඇති සටහනක දැක්වෙන්නේ එවැනි පදනම් විරහිත ප්‍රකාශ තමන් මුලුමනින්ම බැහැර කරන බවයි.

තමා සහ අගමැතිවරයා අතර ඉතා ශක්තිමත් සබඳතාවයක් ඇති බවත් එය අඛණ්ඩව පවතින බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහි වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

බිඳ වැටී ඇති ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්වයට පත්කරලීම සඳහා එක්ව කටයුතු කරන බවයි අධිපතිවරයා මෙයින් අවධාරණය කර ඇත්තේ.

image 11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?