අධික වර්ෂාපතනය සමග බුත්තල නගරය ජලයෙන් යට වෙයි (ඡායාරූප)

බුත්තල ප්‍රදේශයට ඊයේ (26) පස්වරුවේ දී ඇද හැළුණු ධාරානිපාත වර්ෂාපතනය සමග බුත්තල නගරය ජලයෙන් යටවී තිබෙනවා.

වැල්ලවාය, මොණරාගල, බුත්තල, බඩල්කුඹුර සහ කතරගම, බුත්තල යන මාර්ග මෙලෙස ජලයෙන් යට වී තිබූ අතර එම නිසා එම මාර්ග වල ගමනාගමනයට ද බාධා එල්ල වුණා.

ප්‍රදේශයට පැවති දැඩි වියලි කාලගුණය හමාර කරමින් මාස කිහිපයකට පසු මෙම ධාරානිපාත වර්ෂාපතනය ඇද හැළුණු බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.

WhatsApp Image 2024 09 27 at 07.56.00 1 2
WhatsApp Image 2024 09 27 at 07.55.59 2
WhatsApp Image 2024 09 27 at 07.56.00 3