අධික බීමතින් තරුණියකට බලෙන් පෙම් කරන්න ගිය ප‍්‍රසිද්ධ ක‍්‍රිකටර්ට ගුටි පූජාවක්.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දැන් වළ පල්ලටම ගොස් හමාරය. එලෙස වළපල්ලටම යෑමට හේතු වූ කරුණු කාරණා රැසක් තිබේ. ඉන් එක් කරුණක් වනුයේ සමහර තරුණ ක‍්‍රීඩකයන්ගේ විනය විරෝධී ක‍්‍රියාකාරකම්ය. එකල ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් මෙන් නොව, වර්තමානයේ තරුණ බොහෝ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් හැසිරෙන්නේ ක‍්‍රීඩාවට ආදරයක් නොමැති, රටට ජාතියට ආදරයක් නොමැති අය ලෙසින්ය. කෙලෙස හෝ ජාත්‍යන්තර තරගයක් දෙකක් ක‍්‍රීඩාකළ පසු ඔවුන් හැසිරෙන්නේ වෙනස්ම මානසිකත්වයකිනි.

ඉන්පසු ඔවුන්ගේ ප‍්‍රධාන කාර්යය ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීම නොව, රාත‍්‍රී සමාජ ශාලාවවල ගතකිරීම, බීමතින් රිය පදවා මිනිසුන් යට කිරීම, තරුණියන් සමග කාලය ගත කිරීම ආදියයි.

අලූත් අවුරුදු සමයේ මාතර ප‍්‍රදේශයෙන්ද එවැනිම සිදුවීමක් වාර්තා විය. ඒ දකුණු පළාතෙන් බිහිවූ දක්ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු අධික බීමතින් කළ නොහොඹිනා ක‍්‍රියාවක්ය. එම සිද්ධිය සැකවින් මෙසේය.

ඔහු මෙරට දක්ෂ තරුණ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකි. සිංහල අලූත් අවුරුද්ද නිමිත්තෙන් මාතර ප‍්‍රදේශයේ සුපිරි හෝටලයක උත්සවයක් සංවිධානය කර තිබුණි. මෙම ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට ද එම උත්සවයට ආරාධනාවක් ලැබුණි.

ආරාධනාව පිළිගත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා නියමිත දින එම උත්සවයට සහභාගි විය. ඒ මිතුරන් කිහිපදෙනකු සමගින්ය. උත්සවයට සහභාගි වූ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා මිතුරන් කිහිපදෙනකු සමග මධුවිත පානය කළේය. පැය ගණනක් ඔවුන් ආ ගිය තොරතුරු පවසමින් මධුවිත පානය කළේය. මත්පැන් බෝතල් කිහිපයක් ඔවුන් හිස් කළේය. ඒ වන විට එම තරුණ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සිටියේ අධික බමන මතින්ය. කරන්නේ, කියන්නේ මොනවාද කියා ඔහුටත් මතක නොතිබුණි.

මාතර ප‍්‍රදේශයේ තරුණියන් කිහිපදෙනකු ද එම උත්සවයට සහභාගි වී සිටියහ. එම තරුණියන් අතර අවුරුදු 25ක් පමණ වයස ඉතා රූමත් තරුණියක් ද සිටියාය. එම තරුණිය කිහිපවරක් මෙම ජනප‍්‍රිය ක‍්‍රීඩකයා සමග කතාබස් කළාය. ඒ ඔහුට දැක්වූ ගෞරවය නිසාය.

බමන මතින් සිටි මෙම ක‍්‍රීඩකයාට එම තරුණිය කෙරෙහි ආශාවක් ඇතිවිය. ඒ අනුව තම මිතුරන් සමග එම තරුණිය පිළිබඳව මෙලෙස කතාබස් කළහ.

‘‘කවුද අර රතු පාට කොට ගවුම් ඇඳන් ඉන්න කෙල්ල.”

‘‘ඇයි මචං එහෙම අහන්නේ.”

‘‘බලපන්කො ඒකිගෙ ලස්සන. තුන් හතර පාරක් මගේ ළඟට ඇවිල්ල කතා කළා.”

‘‘ඒ කතා කරන්න ඇත්තේ උඹ ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් නිසා වෙන්න ඇති.”

‘‘හරි බං ඒක මම දන්නවා. මට ආසයි බං

ඒකිත් එක්ක ඉ……….”

‘‘අනේ මේ උඹ බීලා පිස්සු කෙලින්න හදන්න එපා මෙතන.”

‘‘පල යන්න. මට අකැමති කෙල්ලො නැහැ බං මේ ලංකාවේ.”

‘‘හැම කෙල්ලෙක් දිහා බලලා එහෙම කියන්න එපා. උඹගෙ ජනප‍්‍රියත්වයට කතා කරන්න ඇති එච්චරයි.”

‘‘අනේ මේ නිකං මගෙන් මුකුත් අහගන්න එපා උඹලා. ඒකි මට කැමතියි වගේ මටත් දැන් ඒකිව ඕනා. උඹලා දන්නවනේ සුදු කෙල්ලන්ට මගේ තියෙන කැමැත්ත.”

‘‘මචන් මෙතන පිස්සු කරන්න එපා උඹ හොඳටම බීලා ඉන්නේ දැන්. කාඞ් කුඩු කරගන් නැතුව හිටපන්.”

‘‘අඩෝ මම කවදාද කාඞ් කුඩු කරගත්තේ. මම ජනප‍්‍රිය ක‍්‍රීඩකයෙක්. ඔන්න බලපං මම කරන දේ දැන්.”

‘‘උඹට හොඳින් කිව්වා අහන්නේ නැත්තන් නිකන් හිටපං.”

‘‘උඹලා පැත්තකට වෙලා බලාගෙන හිටපන් මම ගානට ගිහිල්ලා බැලන්ස් කරගන්නම්.”

අධික බීමතින් සිටි ජනප‍්‍රිය තරුණ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා තම මිතුරන්ගේ කීමද නොඅසා එම තරුණිය සමග කතා කිරීමට ගියේය. ඒ මෙලෙසින්ය.

‘‘නංගි කොහොමද? අද ඔයා ගොඩක් ලස්සනයි.”

‘‘ඇත්තද අයියේ තෑන්ක්ස්.”

‘‘නංගි අපි පොඞ්ඩක් කතා කරමුකෝ.”

‘‘ඉතිං අයියේ කියන්න මොනවද කතා කරන්න ඕනා.”

‘‘මෙහෙම කතා කරන්න බෑ එන්න පොඞ්ඩක් ළඟට.”

‘‘ඉතිං අයියේ ළඟනේ ඉන්නේ.”

‘‘මෙහෙම බෑ නංගී අපි එළියට යං.”

‘‘එලියට ගිහින් කතා කරන්න දෙයක් නැහැ කියන්න තියෙන දෙයක් මෙහෙම කියන්න අයියේ.”

‘‘එහෙම බෑ නංගී පොඞ්ඩක් එන්න. දන්නවනේ මම ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක්. නංගිට මෙහෙම චාන්ස් එකක් ආයෙ කවදාවත් හම්බ වෙන්නේ නෑ.”

‘‘අයියේ මට අයියගෙන් චාන්ස් එපා. මම අයියත් එක්ක කතා කළේ මනුස්සකමට.”

‘‘හරි හරි මනුස්සකමට කතා කරන දේවල් තවත් තියෙනවා. මේ අයියෝ පොඞ්ඩක් ආශ‍්‍රය කරලා බලන්නකෝ. මෙතන කට්ටිය ඉන්නවා එන්න පොඞ්ඩක් එලියට.”

‘‘අයියේ ඔයා හොඳටම බීලා ඉන්නේ. මම ගැන වැරදියට හිතන්න එපා. ඒක නිසා මට පාඩුවේ ඉන්න දෙන්න. දැන් අයියා මෙතනින් යන්න.”

‘‘නංගි එහෙම කියන්න එපා. මට කෙල්ලො ඉස්සරහ මෙහෙම බාල්දු වෙන්න ඕනේ නැහැ. ඕන කෙල්ලෙක් කතා කළොත් එනවා මගෙත් එක්ක යන්න. ඇයි ඔයාට විතරක් බැරි.”

‘‘මම ඔයාට හොඳින් කිව්වා. ඒ වගේ කෙල්ලෙක් නෙවෙයි මම. ඒක නිසා මට පාඩුවේ ඉන්න දීලා මෙතනින් යන්න.”

‘‘ඔයාගේ ගණන්. රත්තරන් වලින්ද දන්නෑ හදලා තියෙන්නේ…”

ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට පැවසීමට හැකි වූයේ එපමණකි. එම සිද්ධිය දෙස බලා සිටි තරුණියගේ ඥාතීන් කීපදෙනෙක් එතැනට පැමිණියහ. පැමිණ ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට පැවසුවේ එම තරුණියට කරදර නොකර එම ස්ථානයෙන් පිටව යන ලෙසයි. එම වචන ඇසීමෙන් අධික බීමතින් සිට තරුණ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා උරණ විය. එලෙස උරණ වූ ඔහු එම තරුණියට සහ පැමිණි පිරිසට මෙලෙස පැවසුවේය.

‘‘ ඕගොල්ලෝ දන්නවනේ මම කවුද කියලා. මට කරන්න බැරි දෙයක් නැහැ. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් මම මේකිව එළියට එක්කරගෙන යනවා. පුළුවන් දෙයක් ඕගොල්ලො කරන්න.”

එලෙස පැවසූ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා එම තරුණියගේ අතින් අල්ලා එළියට ඇදගෙන යෑමට සැරසුණේය. ඔහුට මතක එපමණකි. එතන සිටි තරුණියගේ ඥාතීන් පිරිස එම ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට විනාඩි කිහිපයක් පහර දුන්නේ ජීවිතයේ යළි කිසි දිනක මෙවැනි වැඩක් නොකරන ලෙසට පාඩමක් උගන්වමින්ය.

මොහොතකින් එම ස්ථානයට පැමිණි පිරිසක් ජනප‍්‍රිය ක‍්‍රීඩකයාව එම ස්ථානයෙන් පිටතට රැගෙන ගියහ. එලෙස රැගෙන නොගියානම් යළි ජීවිතයටම ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමට නොහැකි වනසේ එම තරුණියගේ ඥාතීන් මෙම ක‍්‍රිකට් ක‍්‍රීඩකයාගේ අතක් පයක් කඩා දමනු ඇත.

තරුණියගේ ඥාතීන් සිදුකළ ගුටි බැට සංග‍්‍රහයේ ප‍්‍රතිඵලයක් වශයෙන් එම තරුණ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා දැන් දේශීය වෙද මහතෙකුගෙන් ප‍්‍රතිකාර ලබා ගනී. මෙවැනි ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් නිසා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තව තවත් පරිහානියට පත්වේ.

– divaina



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27