අධික උෂ්ණත්වයෙන් ඉන්දියාවේ මරණ 98ක්

උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් සහ බිහාර් ප්‍රාන්තවල පවතින දැඩි උණුසුම් කාලගුණික තත්වය හමුවේ පසුගිය දින දෙක තුළ පමණක් පුද්ගලයින් 34 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මෙම ප්‍රාන්තවල දැඩි උණුසුම හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 98 දෙනෙකු මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

පසුගිය දින තුන තුළ උත්තර් ප්‍රදේශ්හි පුද්ගලයින් 54 දෙනෙකු මිය ගිය අතර අසල්වැසි බිහාර් ප්‍රාන්තයේ පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව සඳහන්.

ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් වයස අවුරුදු 60ට වැඩි පුරවැසියන්ට උපදෙස් ලබාදී ඇත්තේ දිවා කාලයේ ගෘහස්ථව රැඳී සිටින ලෙසටයි.

දැඩි උණුසුම හමුවේ මියගිය සියලුදෙනා වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර පෙර පැවති රෝගී තත්වයන් දැඩි උණුසුම හමුවේ උත්සන්න වීම මරණවලට හේතුව ලෙසටයි සැක කෙරෙන්නේ.

පසුගිය බ්‍රහස්පතින්දා පමණක් මරණ 23ක් වාර්තා වූ අතර සිකුරාදා තවත් 11 දෙනෙකු මිය ගිය බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙනවා.

මියගිය සියලුම පුද්ගලයින් යම් යම් රෝගාබාධවලින් පෙළෙන අතර අධික උෂ්ණත්වය හේතුවෙන් ඔවුන්ගේ තත්ත්වය නරක අතට හැරී ඇති බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

බොහෝ මරණ හෘදයාබාධ, මොළයේ ආඝාත තත්වය සහ පාචනය හේතුවෙන් සිදුව තිබෙනවා.

ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙන්නේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බැලියා ප්‍රදේශයේ සිකුරාදා දිනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 42.2 (ෆැරන්හයිට් අංශක 108) වාර්තා වූ බවයි. එය සාමාන්‍යයට වඩා 4.7C (8F)ක වැඩි වීමක්.

මෙතරම් උෂ්ණත්වයක් පැවතිය ද ප්‍රාන්තය පුරා විදුලිය විසන්ධි වී ඇති අතර, ජලය, විදුලි පංකා හෝ වායුසමීකරණ යන්ත්‍ර නොමැතිව ජනතාව පීඩාවට පත්ව සිටින බව සඳහන්. මෙම තත්වය මත බොහෝ දෙනෙකු උද්ඝෝෂණ ද පවත්වා තිබෙනවා.

භාරතීය ජනතා පක්ෂයේ (BJP) උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය යෝගී ආදිත්‍යනාත් මහජනතාවට සහතික වී ඇත්තේ ප්‍රාන්තයේ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි. රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසත් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ප්‍රධාන ගිම්හාන මාස වන අප්‍රේල්, මැයි සහ ජුනි කාලය තුළ මෝසම් වැසි ඒමට පෙර ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල සාමාන්‍යයෙන් දැඩි උණුසුමක් පවතිනවා. නමුත් පසුගිය දශකය තුළ එම උෂ්ණත්වය වඩාත් තීව්ර වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21