අධිකරණ භූමියක සඟවා තිබූ ගිනි අවියක් හමුවෙයි

මිනුවන්ගොඩ අධිකරණ සංකීර්ණ භූමියේ කුණු ගොඩක සඟවා තිබූ මෙරට නිෂ්පාදනය කරන ලද පිස්තෝල වර්ගයේ කුඩා ගිනි අවියක් හමුවී තිබෙනවා.

අධිකරණ නියමයෙන් අධිකරණ භූමියේ ප්‍රජා සේවයේ යෙදී සිටි අයෙකු පවිත්‍රතා කටයුතු සිදු කරමින් සිටියදී මෙම ගිනි අවිය හමුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිතින් උරයක් තුළ බහා තිබූ මෙම අවිය දිරාපත් වෙමින් පවතින එකක් බව සඳහන්.

කිසියම් අපරාධයක් සඳහා මෙම අවිය අධිකරණ භූමියට රැගෙන විත් සඟවා තිබූ එකක් බවට පොලිසිය සැක කරනවා.

මිනුවන්ගොඩ අධිකරණයේ ප්‍රධාන ලිපිකරු සිදු කළ පැමිණිල්ල මත පොලිසිය භාරයට ගත් මෙරට එම කුඩා පිස්තෝල වර්ගයේ ගිනි අවිය අධිකරණ නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරික්ෂක වෙත යොමු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14