අධිකරණ නිළධාරින් රැසකට ස්ථාන මාරුවීම්

විනිසුරුවරුන් සහ මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ නිළධාරීන් 118 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබා දීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

වාර්ෂික ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය යටතේ මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, මෙම වසරේ අප්‍රේල් මස 04 වනදින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ස්ථාන මාරුවීම්වලට අදාළව මාර්තු 18 වන දිනට පෙර අභියාචනා ඉදිරිපත් කළ හැකි බව අධිකරණ සේවා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

මෙවර වාර්ෂික ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය යටතේ කොළඹ මහෙස්‍ත්‍රාත් අධිකරණය ඇතුළු දිවයින පුරා පිහිටි ප්‍රධාන අධිකරණ රැසක මහෙස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන් සහ අතිරේක දිසා විනිසුරුවරුන් සඳහා ස්ථාන මාරුවීම් හිමිව ඇත.

ඊට අමතරව පුහුණු අධිකරණ නිළධාරීන් 27 දෙනෙකු ද මෙවර වාර්ෂික ස්ථාන මාරුවීම් වැඩසටහන යටතේ මහෙස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන් සහ අතිරේක දිසා විනිසුරුවරුන් ලෙස පත්කර ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය



අපගේ නවතම වීඩියෝ පුවත්