අධිකරණ නියෝගයක් අනුව සිරුරු දෙකක් ගොඩ ගනී

තිරප්පනේ ඔරුක්මාංකුලම ප්‍රදේශයේදී ඝාතනය කර රහසේ වල දැමූ බව කියන වන අලි දෙදෙනකුගේ සිරුරු අධිකරණ නියෝගයක් අනුව ගොඩට ගෙන පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට අනුරාධපුර වනජීවී පශු වෛද්‍ය නිලධාන් අද (30) කටයුතු කළා.

තිරප්පනේ ඔරුක්මාංකුලම ප්‍රදේශයේ පිහිටි වගා බිමකදී එම වන අලි දෙදෙනා ඝාතනය කර වළ දැමීමටයි සැකකරු කටයුතු කර තිබුණේ.

මීට දින කිහිපයකට ඉහතදී අදාළ වන අලි දෙදෙනා ඝාතනය කර ඇති බව වනජීවී නිලධාරීන් සඳහන් කළා.

සැකකරු විසින් ඝාතනය වූ වන අලින් දෙදෙනා පුලුස්සා බැකෝ යන්ත්‍රයත් උපයෝගී කරගනිමින් අදාළ ස්ථානයේම වල දැමීමටයි සැකකරු කටයුතු කර ඇත්තේ.

එම වන අලින් දෙදෙනා වල දැමීම සඳහා රැපියල් 80000කට ආසන්න මුදලක් ද සැකකරු විසින් වැය කර ඇතැයි ද සිදුකළ පරීක්ෂණවලදී අණාවරණය වී තිබෙනවා.

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් අනුව එලෙස රහසේ වල දමා තිබූ වන අලින් දෙදෙනාගේ සිරුරු ගොඩ ගෙන අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍යවරුන් අද පස්වරුවේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවා.

සිරුරු ගොඩ ගැනීම සදහා බැකෝ යන්ත්‍රයක සහාය ලබා ගැනීමට ද වනජීවි නිලධාරීන්ට සිදුවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව සැකකරු විසින් ඝාතනය කර වල දැමූ වනඅලි දෙදෙනා අතර තනි දළ ඇතකු ද වන බවටයි පශු වෛද්‍යවරුන් විසින් අණාවරණය කර ගනු ලැබුවේ.

එලෙස ඝාතනය කර ඇති දළඇතා වයස අවුරුදු 25ක් පමණ වන උස අඩි හතහමාරක් පමණ වන එකෙකු බව සඳහන්.

ඝාතනයට ලක්ව ඇති අනෙක් අලියා වයස අවුරුදු 35ක් පමණ වන උස අඩි නවයක් පමණ වන සත්වයෙක්.

එම දළඇතා සහ අලියා විදුලි සැර වැදීමකින් මරණයට පත්ව ඇති බව ද පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අනවසර විදුලිවැට ඉදිකළ වගාබිමේ හිමිකරු බවටයි හෙළිවී ඇත්තේ.

ඔහු උට්ටිමඩුව ඥානික්කුලම ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්.

එම සැකකරු තිරප්පනේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයකු වන බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

අත්අඩංගුවට පත් සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන ජනවාරි 2වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34