අධිකරණ දඩයට ව්‍යාජ නෝට්ටුවක් දුන් සැකකරු අත්අඩංගුවට

මහියංගනය අධිකරණයේ උසාවියේ විභාග වන නඩුවකට දඩ වශයෙන් ව්‍යාජ රුපියල් 5000 නෝට්ටුවක් සමග මුදල් ගෙවූ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා අධිකරණයට දඩ මුදලක් ලෙසට රුපියල් 21,000ක් ගෙවා ඇති අතර එහි තිබී මෙම නෝට්ටුව හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

මහියංගනය අධිකරණ නිලධාරීන් විසින් ව්‍යාජ නෝට්ටුව සොයා ගැනීම පිළිබඳව පොලිසියට දැනුම් දීමෙන් පසු 39 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහියංගනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.