අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද (19) දිනයේ දී බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය නිරීක්ෂණයට පැමිණ තිබෙනවා.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ බන්ධනාගාරවල ඇතිවන ගැටලුවලට අධික තදබදය හේතු වන බවට නිරීක්ෂණය වන බවයි.
ඊට අදාළ විසඳුම් වන විට ගනිමින් පවතින බවත් ඉදිරියේදී ගැටලු සහගත තත්ත්වයන් ඇති උවහොත් ඊට මුහුණ දීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් සියලු රාජ්‍ය ආයතන එක්කොට නිර්මාණය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
අමාත්‍යවරයා අද (19) කළුතර බන්ධනාගාරයේ ද නිරීක්ෂණයට එක්වූ අතර මාතර බන්ධනාගාරයේ ද අද දිනයේ දී නිරීක්ෂණයකට එක්වන බව අමාත්‍යවරයා බූස්සේ දී සඳහන් කළා.













