අධිකරණ ඇමති කුරුක්කුලමඩම් ප්‍රදේශයේ නිරීක්ෂණයකට එක්වෙයි

මඩකලපුව, කුරුක්කුලමඩම්හි සමූහ මිනී වළක් ඇති බවට පැමිණිලි ලැබී ඇති ස්ථාන අවට ප්‍රදේශයේ නිරීක්ෂනයක් සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද (04) එක්වුණා.

එම නිරීක්ෂණය අතරතුර මාධ්‍ය වෙත අදහස් පළ කිරිමකට ද ඔහු එක්වුණා.

“පසුගිය වකවානුවලදී අතුරුදහන් වු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන වත්මන් රජය ආරම්භ කර තිබෙනවා, උතුරු සහ නැගෙනහිර ජනතාව වත්මන් ආණ්ඩුව පිළිබදව තැබු විශ්වාසය හේතුවෙන් අතුරුදහන්වු තැනැත්තන් සම්බන්ධ පැමිණිලි ලැබීම වැඩී වී තිබෙනවා., ඒ අනුව චෙමිමිණි සමුහ මිනී වළේ කැණිම් කටයුතු මේ වන විට අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව කාර්යාලයේ මැදිහත්වීමෙන් සාර්ථකව සිදු වෙනවා, එහෙත් කුරුක්කල්මඩම් මෙම ස්ථානයේ තත්ත්වය අනෙක් සමුහ මිණි වළවල්වල තත්වයන්ට වඩා වෙනස් බව කිව යුතුයි, 2014 වසරේදී මෙම ස්ථානය සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා. 2019 වසරේදී අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලය විසින් මෙහි පරීක්ෂණ සිදු කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරී පහසුකම් හා අවශ්‍ය ප්‍රතිපාදන සපයන ලෙස ඉල්ලීම් කර තිබෙන නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලය තුල ඊට අවශ්‍ය සහාය ලබා දී නැහැ, අතීතය සම්බන්ධයෙන් කථා කරන්න අවශ්‍ය නැහැ, නමුත් ඒ කාලය තුළ ඒ සම්බන්ධයෙන් කටයුතු කර නොමැති බව සදහන් කළ යුතුයි, වත්මන් රජය බලයට පත් වු පසුව නැවතත් ලැබුණු පැමිණිලි අනුව අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලයේ මැදිහත්වීමෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.”යැයි අමාත්‍යවරයා පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39