අලි සබ්රි අධිකරණ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි. ?

එක රටක් එක නීතියක් සඳහා නීති කෙටුම්පත් කිරීමට උපදෙස් ලබාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද 13 දෙනකුගෙන් යුතු කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් නොසතුටට පත්ව සිටින අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට දේශපාලන කරලියේ කතාබහට ලක්ව ඇත.

විදේශ සංචාරයක යෙදී සිටින ජනාධිපතිවරයා පැමිණි පසු සබ්රි මහතා ඒ පිළිබඳව ඔහුට දැනුම්දී ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීමට සූදානම් වන බවටද දේශපාලන කරලියේ කතා බස්වලදී සඳහන් විය.

මේ අතර මෙවැනි කාර්ය සාධක බලකායක් පත් කරන බව තමා දැන නොසිටි බවත් තමාගේ අදහස් විමසීමකින් තොරව මෙවැනි කාර්ය සාධක බලකායක් පත් කිරීම පිළිබඳව තමා නොසතුටට පත්ව සිටින බවත් අලි සබ්‍රි මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පත කළ විමසුමකදී පසුගියදා ප්‍රකාශ කර තිබිණ.

රටේ නීති සකස් කිරීමට නිශ්චිත ආයතන තිබියදී මෙවැනි බලකා පිහිටුවීම තේරුමක් නැති වැඩක් බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයිද දැනගන්නට ඇත.

ශ්‍රී ලංකාවේ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීමේ කාර්යය ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු එම බළකායට පැවරෙන බව ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

එසේම අධිකරණ අමාත්‍යාංශය එක රටක් එක නීතියක් යන කාරණයට අදාළව සකස් කර ඇති නීති කෙටුම්පත් අධ්‍යයනය කර ඒවා යෝග්‍යතාව සහ සුදුසු සංශෝධන ඇත්නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සහ කෙටුම්පතට එකී යෝජනා ඇතුළත් කිරීමද මෙම කාර්ය සාධක බලකායට පැවරී ඇති තවත් කාර්යයක් බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මේ අතර මෙම බලකායට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් තවත් පාර්ශව ගණනාවකින්ද විරෝධය එල්ල වී ඇත.

  1. 💯👨‍🎓Ven. Galgoda atte nyanasara is yet another member of the committee. There are other members also. It is true that he has been assigned as the chief of it.
    If the Minister does not agree with the MONK’s appintment, Hon. President will accept his resignation and will give a different portfoli to the Minister in order to avoid collission.💯👨‍🎓



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14