අධිකරණ ඇමතිගෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක් (වීඩියෝ)

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණියා.

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

මෙහිදී අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමන් සඳහන් කළේ තමාව අපකීර්තියට පත්කිරීමට හෝ තම දේශපාලනය කෙරෙහි ඇති විශ්වාසය බිඳ දැමීමේ අරමුණින් මෙම ව්‍යාජ දත්ත ඇතුළත් කිරීම සිදුකර ඇත්දැයි සැකයක් පවතින බවයි.

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ අමාත්‍යවරයාගේ නම ලෙස ‘ආචාර්ය’ හර්ෂණ නානායක්කාර යනුවෙන් පළ කර තිබී පසුව එය ඉවත් කිරීමට කටයුතු කර තිබීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් මතු වුණා.

කෙසේ වෙතත් පසුව පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ අමාත්‍යවරයාගේ නම ඉදිරියේ යොදා තිබූ ‘ආචාර්ය’ නාමය ඉවත් කිරීමට කටයුතු කර තිබූ අතර, එය වැරදීමක් ලෙස දක්වමින් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය ඔහුට ලිපියක් ද යොමුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32