අධිකරණයට ඉදිරිපත් කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සරසවි සිසුවාට ඇප

පැහැරගැණුනු බවට සමාජ මාධ්‍යයේ පළ වූ අනුරුද්ධ බණ්ඩාර නම් තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබෙනවා.

අදාළ තරුණයා රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාකාරීව අදහස් පළ කළ අයෙක්.

අනුරුද්ධ බණ්ඩාර නම් මෙම විශ්වවිද්‍යාල සිසුවා පෙරේදා (01) රාත්‍රීයේ කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගිය
බවට සමාජ මාධ්‍යයේ විවිධ වාර්තා පළ වී තිබුණා.

සිවිල් ඇඳුමෙන් සැරසුනු පොලිස් කණ්ඩායමක් විසින් මෙම තරුණයා රැගෙන ගොස් ඇති බවටයි සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වුණේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබූ අතර එහි සඳහන් වූයේ මධ්‍යම රාත්‍රී 12.15ට සිවිල් ඇඳුමෙන් පැමිණි මෝදර පොලිසියේ යැයි කියාගන්නා කණ්ඩායමක් විසින් අනුරුද්ධ පැහැර ගෙන ගොස් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ කොළඹ උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම තරුණයාව සිය භාරයට ගෙන ඇති බවයි.

පසුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම එම තරුණයාට නීතිඥ සහය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස පොලිසියට දැනුම් දී තිබුණා.

එම කොමිසම සඳහන් කළේ දණ්ඩ නීති සංග්‍රහයේ 120වැනි වගන්තිය යටතේ පොලිසිය අදළා තරුණයාව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ අනුව අනුරුද්ධ බණ්ඩාරට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා වන්නේ රජයට එරෙහිව කුමන්ත්‍රණ සිදුකිරීම සහ ඒ සඳහා පෙළබවීම් ඇති කිරීමයි.

අත්අඩංගුවට ගත් තරුණයාගේ පියා ද ඔහු රදවා සිටින මෝදර පොලිසියට පැමිණ තිබුණා.

පොලිස් අත්අඩංගුවේ පසුවන අනුරුද්ධ බණ්ඩාරට නීතී සහය ලබා දීම සඳහා පස්වරු 2ට පමණ නීතිඥවරුන් පිරිසක් මෝදර පොලිසියට පැමිණ තිබිණා.

මනූෂ නානායක්කාර සහ හර්ෂ ද සිල්වා යන පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ද මෝදර පොලිසියට පැමිණියා.

මේ අතර අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගැනීමට එරෙහිව මෝදර පොලිසිය ඉදිරිපිට පිරිසක් නිහඬ විරෝධතාවක් ද පැවැත්වුණා.

පස්වරු 5.30 ට මණ අදාළ තරුණයාව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගිය අතර මධ්‍යම රාත්‍රිය වන තෙක් ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

එම තරුණයාව අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරපත්කරන බවට පොලිසිය කළ දැනුම්දීමක් අනුව නීතිඥයින් බොහෝ පිරිසක් එම උසාවි සංකීර්ණයට පැමිණ සිටින ආකාරය දක්නට ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09