අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ලබා සිටි සුසිල් ජයතුංග යළි රක්ෂිත බන්ධනාගාරයට

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මුලින් රක්ෂිත බන්ධනාගාර ගත කොට පසුව ඇපමත මුදාහැරි මේ වන විට නීතිඥ ධුරය අත්හිටුවා තිබෙන සුසිල් ජයතුංග යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

එමෙන්ම තහනමට ලක්ව සිටින නීතිඥවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට අදාළව ගොනු කර තිබූ පැමිණිල්ලක් අද (01) කැඳවීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කරන බවත් අධිකරණය සඳහන් කළා.