spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධිකරණයකින් නියෝග දෙනකම් ඉන්න එපා, ඇත්ත කියන්න – මහින්ද (වීඩියෝ)

මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු සියල්ල දන්නේ නම් අධිකරණයකින් නියෝග කරන තුරු නොසිට ඒ පිළිබඳව හෙළි කිරීමට තිබූ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ නව ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කිරීමේ අවස්ථාවට අද (23) දිනයේ සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමින්.

එහිදී තවදුරටත් අදහස් පළ කළ හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය පිළිබඳ දැන දැනම හෙළි නොකිරීම හේතුවෙන් මෛත්‍රිපාල සිරිසේනට චෝදනා පවා එල්ල වීමට හැකියාව පවතින බවද සදහන් කළා.

එමෙන්ම ඔහු සදහන් කළේ ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණය පැවැත්විය යුතු බවටවන මතයේ තම කණ්ඩායම පසුවන බවයි.

එමෙන්ම මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වුවොත් එය ජය ගන්න පුද්ගලයාගේ පක්ෂයට අමතර වාසියක් වනු ඇති බවත් සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා අවශ්‍ය වෙලාවට නිවේදනය කරන බවත් පැවසුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
4
+1
18
+1
3
+1
2
+1
5
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?