අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්

පාසැල් පද්ධතියේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල රාජකාරියට වාර්තා කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාගේ අත්සනින් යුතුව මෙම උපදෙස් මාලාව නිකුත් කර ඇත්තේ සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්, කොට්ඨාශ භාර නියෝජ්‍ය හා සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් සහ සියලුම පාසැල්වල විදුහල්පතිවරුන් වෙතයි.

එහි දැක්වෙන්නේ රාජ්‍ය සේවය යථා පරිදි පවත්වාගෙන යාමට අදාළව නිකුත් කර ඇති චක්‍රලේකයේ උපදෙස් පරිදි සියලු පාර්ශව කටයුතු කළ යුතු බවයි.

එහිදී සේවයට වාර්තා කරන අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල නිලධාරීන්ට පැමිණීමේ ලේඛණයේ අත්සන් කිරීමට අවස්ථාව සැලසීමට විදුහල්පතිවරුන් වගබලා ගත යුතු බව අදාළ නිවේදනයේ සඳහන්.

සේවයට වාර්තා නොකරන නිලධාරීන්ගේ පැමිණීම සම්බන්ධයෙන් සාමාන්‍ය නිවාඩු ලබාදීමේ පටිපාටිය අනුගමනය කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා අදාළ පාර්ශව වෙත දන්වා ඇත්තේ.

ගුරුවරුන් හා අනධ්‍යයන කාර්යය මණ්ඩල පාසැල් වෙත කැඳවීමෙන් පසු සිදුකළ යුතු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද අදාළ උපදෙස් මාලාව මගින් සියලු පාර්ශව දැනුවත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඔන්ලයින් අධ්‍යාපනයට අදාළ උපාංග නොමැති සිසුන්ගේ ඉගැන්වීමේ කටයුතු ආවරණය කිරීම සඳහා ආරම්භ කර ඇති දුරස්ථ අධ්‍යාපන මධ්‍යස්ථානවල ඉගැන්වීමේ කටයුතු සංවිධාන කර පවත්වා ගෙන යා යුතු බවයි.

ඒ සම්බන්ධයෙන් සුවිශේෂී ගැටලු ඇති සිසු සිසුවියන්, මව්පියන්ගේ අනුමැතිය මත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ පාසැල් වෙත කැඳවා ඉගැන්වීම් කටයුතු සිදුකරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් දන්වා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04