යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ පුළුල් විද්වත් කථිකාවක් අද (28) කොළඹ විශ්වවිද්‍යාලයේ සනාතන සභා රැස්වීම් ශාලාවේදී අග්‍රාමාත් හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණා.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, ආචාර්‍ය මහාචාර්‌යවරුන් ඇතුළු විශ්ව විද්‍යාලයීය අචාර්‍යවරුන්ගේ සංගමගේ සභාපති මහාචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි, ගුරු වෘත්තිය සමිති, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පුළුල් ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් විද්වතුන් රැසක් සහභාගී වී සිටියා.













