අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනයක් සඳහා කාර්යය සාධක බලකායක් ස්ථාපිත කිරීමට අනුමැතිය

ශ්‍රී ලංකාව ඉහළ ප්‍රතිශතයකින් පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සහ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම පිළිබඳව ප්‍රශංසනීය ප්‍රගතියක් අත් කරගනු ලැබ තිබෙනවා.

එහෙත්, මේ වන විට 42,000කට අධික ගුරු හිඟයක් පැවතීමත්, ග්‍රාමීය සහ අඩු පහසුකම් සහිත ප්‍රදේශවල වැඩි වෙමින් පවතින අසමානතාවන් නිසාත් අධ්‍යාපන ක්ෂේත්‍රය දැඩි පීඩනයකට ලක්ව තිබෙන බවයි කැබිනට් සාකච්ඡාවේ දී අනාවරණය වී ඇත්තේ.

මෙම තත්ත්වය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා පද්ධතිමය පරිවර්තනයක් හඳුන්වාදීමේ අවශ්‍යතාව පැන නැගී තිබෙනවා.

බොහෝ රටවල් තම අධ්‍යාපන පද්ධතීන්වල විප්ලවීය වෙනසක් ඇති කිරීම සඳහා ඩිජිටල් ප්‍රතිලාභ කාර්යක්ෂමව උපයෝගි කරගනු ලබනවා.

ශ්‍රී ලංකාව ද විවිධ ඩිජිටල් අධ්‍යාපන මුලපිරීම් ආරම්භ කර ඇති නමුත් ඒවායේ පවතින අසංවිධිතාව හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වී නැහැ.

එබැවින්, වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා බද්ධ වූ ඒකාබද්ධ උපායමාර්ගික ඩිජිටල් ප්‍රවේශයක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වී ඇති බැවින්, ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්ගේ සාමාජිකත්වයෙන් හා අදාළ අනෙකුත් පාර්ශ්වයන්ගේ නියෝජිතයින්ගෙන් සමන්විත අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය පිළිබඳ කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14