අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව වෙනස්කම් සඳහා අනුකමිටු 06ක්

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව වෙනස්කම් සඳහා අනුකමිටු 06ක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය කාරක සභාවේදී තීරණය වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම කාරක සභා‍ව 2025.06.03 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගනු ලැබුවා.

මේ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකමිටුව හරිනි අමරසූරිය (සභාපති), අනුර කරුණාතිලක, රෝහිණී කුමාරි විජේරත්න, ඥානමුත්තු ශ්‍රීනේසන්, සුනිල් රාජපක්ෂ යන මහත්ම මහත්මීහු නියෝජනය කරන අතර පාසල්වල පවතින මානව හා භෞතික සම්පත් ඌනතාවය පිළිබඳ අනුකමිටුව කෞෂල්‍යා ආරියරත්න (සභාපති) මයිල්වාගනම් ජෙගදීස්වරන්, චන්දන තෙන්නකෝන්, සුගත් වසන්ත ද සිල්වා සහ ධර්මප්‍රිය විජේසිංහ යන මහත්ම මහත්මීහු නියෝජනය කරනවා.

අතරමැදි ශ්‍රේණි සඳහා පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම පිළිබඳ අනුකමිටුව ගරු සමන්මලී ගුණසිංහ (සභාපති), අබූබකර් අතම්බාවා, සංජීව රණසිංහ, ආර්. එම්. සමන්ත රණසිංහ යන මහත්ම මහත්මීන් නියෝජනය කරන අතර, අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකමිටුව මහින්ද ජයසිංහ (සභාපති), (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්, (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන්, මංජුල සුරවීර ආරච්චි සහ රුවන් මාපලගම යන මහත්වරු නියෝජනය කරනු ලබනවා.

එමෙන්ම උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනුකමිටුව (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න (සභාපති), උපාලි පන්නිලගේ මහතා, රජීවන් ජෙයචන්ද්‍රමූර්ති, නිමල් පලිහේන සහ මංජුල සුගත් රත්නායක යන මහත්වරු ඇතුළත් වන අතර, නිපුණතා අධ්‍යාපන අංශය පිළිබඳ අනුකමිටුවට නලින් හේවගේ (සභාපති), ඩී.වී.චානක, සිවඥානම් ශ්‍රීතරන් සහ ඉම්රාන් මහරූෆ් යන මහත්වරු ඇතුළත්.

විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී මෙන්ම විශ්වවිද්‍යාල තුළ ද ආබාධ සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අසාධාරණයක් සිදු නොවීමට වගබලා ගැනීම සහ ඔවුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම, දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසැල්වල ගැටලු, ගුරු හිඟය ආදී ගැටලු රැසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කාරක සභාවේ අවධානයට යොමු කළා.

මේ පිළිබඳව ගත හැකි කඩිනම් පියවර ගැනීමට අග්‍රාමාත්‍යවරිය අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර, අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා රජය කඩිනමින් මැදිහත්වන බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48
Video thumbnail
කැබිනට් එක නොමඟ යැවීමක් - ට්‍රෙන්ඩරයක් ගැන අර්ජුනගෙන් ප්‍රබල හෙළිදරව්වක්
08:22