spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තවමත් අක්‍රීයයි

ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වසා දැමීම සම්බන්ධයෙන් අලුත් තොරතුරු රැසක් එළියට පැමිණ තිබෙනවා.

ඒ අනුව එම වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරය එල්ල කර ඇත්තේ දේශීය අන්තර්ජාල සම්බන්ධතාවයක් හරහා බවයි අනාවරණය වී ඇත්තේ.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල පවසන්නේ ඊට අදාළ සියලු තොරතුරු ඇතුළත් වාර්තාව අද අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන බවයි

එමෙන්ම මෙම සයිබර් ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න හඳුනා ගැනීම සඳහා ජාත්‍යන්තර සහය ලබාගන්නා බවත් ඔහු සඳහන් කළා.

මේ අතර පසුගිය සිකුරාදා සයිබර් ප්‍රහාරයට ලක්වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තවමත් අක්‍රියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?