spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක් (වීඩියෝ)

අභිමානවත් විදුහල්පති සේවයක් ගොඩනැගීම සඳහා සැවොම එක්කමු යන තේමාවෙන් විදුහල්පති සේවා සංගමය විසින් අද (12) දින අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා.

ඔවුන් ඉල්ලා සිටියේ උසස් වීම් සහ වැටුප් විෂමතාව වහා විසදා දෙන ලෙසත්, මාණ්ඩලික සේවයේ දීමනා ලබාදෙන ලෙසත්, දරුවන්ගේ පාසල් උපකරණ මිල වහම අඩුකරන ලෙසත් යන ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් මොවුන් විරෝධතාවයේ තිරතව තිබුණා.

අධ්‍යාපන අමාත්‍යවරයාට මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස බල කරමින් මෙම උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයේ ඔවුන් නිරත වු අතර ඔවුන්ගෙන් සය දෙනෙකු අධ්‍යාපන අමාත්‍යංශය වෙත කැඳවා අමාත්‍යාංශයේ වසන්තා පෙරේරා ලේකම්තුමිය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු සතියක් තුළ මෙම ගැටළු පිළිබඳ විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වී තිබෙන බව ඔවුන් ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?