spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

බත්තරමුල්ල ප්‍රදේශයේ පසුගියදා පැවති ගුරු විදුහල්පති විරෝධතාව අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය කියාසිටියේ ගුරු විදුහල්පති හා සෙසු අධ්‍යාපන ක්ෂේත්‍රවල විෂමතා හා ගැටළු විසඳීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක මෙන්ම අමාත්‍යවරයා අධ්‍යාපන සමුළුවක් සඳහා විදේශගත ව සිටිය දී සිදු වූ මෙම සිද්ධියෙන් අගතියට පත් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යවරයා සිය කණගාටුව පළ කරන බවයි.

පසුගිය 24 වනදායි බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ දී ගුරු විදුහල්පති විරෝධතාව පැවැත්වුණේ.

ගුරු විදුහල්පතිවරුන් සංවිධාන කර තිබූ අදාළ විරෝධතාව පොලිසිය විසුරුවා හරිනු ලැබුවේ ජල ප්‍රහාරයක් ද එල්ල කිරීමෙන් අනතුරුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
9
+1
3
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?