spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධ්‍යාපන අනධ්‍යයන වෘත්තීය සමිතිවලට දැනුම්දීමක්

පළාත් පදනමින් අධ්‍යාපන අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වෘත්තීය ගැටළු ඇත්නම් පළාත් බලධාරීන් සමග සාකච්ඡා කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශය සියලු ම අනධ්‍යයන වෘත්තීය සමිතිවලට දැනුම් දෙනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා සහ අදාළ අංශවල නිලධාරීන් සමග අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වෘත්තීය ගැටළු පිළිබඳ ව අදාළ වෘත්තීය සමිති නියෝජිතයන් සමග පවත්වන ලද සාකච්ඡාවලදී අද දින වනවිට එකඟ වූ විසඳුම් සම්බන්ධයෙන් පළාත් බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

එමෙන් ම අධ්‍යාපන අමාත්‍යවරයා සහ ආණ්ඩුකාරවරුන් අතර අද (24) දින මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව තවදුරටත් පළාත් පදනමින් අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වෘත්තීය ගැටළු තිබේනම් පළාත් බලධාරීන් සමග සාකච්ඡා කරන ලෙසටයි සියලු ම අනධ්‍යයන වෘත්තීය සමිතිවලට දැනුම් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?