spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනධ්‍යයන කාර්ය මණ්ඩලවල යළිත් වැටුප් විෂමතාවක් – අධ්‍යාපන අමාත්‍යාංශය

රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන නොවන කාර්ය මණ්ඩල සඳහා 2016 දී අධ්‍යයන කාර්ය මණ්ඩලවලට ද සමඟ ම ලබා දුන් 92% හා 107% වැටුප් වැඩිවීම් සමඟ අධ්‍යයන නොවන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතාවක් නැවතත් ඇති බවට සඳහන් කරමින් කමිටු වාර්තාවක් සමඟ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය හා භාණ්ඩාගාර නිලධාරීන් සමඟ කරන ලද සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස අදාළ කමිටු වාර්තාව නිකුත් කර ඇති අතර එම වාර්තාව සමඟ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මේ සම්බන්ධව භාණ්ඩාගාර නිරීක්ෂණ සමඟ සලකා බලා තවදුරටත් සේවාවන් අතර විෂමතා ඇති වී තිබිය හැකි බැවින් අදාළ ආයතනවල නිරීක්ෂණ ලබා ගැනීමෙන් පසු තීරණයක් ගැනීමට නියමිත බව සඳහන් වන්නේ.

මෙය 2016 සිට තිබූ ගැටලුවක් බැවින් ඊට අදාළ තීරණය ලැබීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරි පියවර ගැනීමට නියමිත අතර එතෙක් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?