අධ්‍යයන කටයුතුවලින් ඉවත් කරන මෘතදේහවලට නිසි අවසන් ගෞරව ලබා දීමට පියවර

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතුවලින් ඉවත් කෙරෙන මෘතදේහ සඳහා නිසි අවසන් ගෞරවයක් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා.

මින් ඉදිරියට බැහැර ලන මළ සිරුරු භූම දානය නොකර ආදාහනය කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාර් ඔෆ් ද මාස් රොෂාන් ගුණතිලකගෙන් උපදෙස් ලැබී ඇති බවයි මහරගම නගර සභාවේ ලේකම් අරුණ ඩී.ඩයස් සඳහන් කර ඇත්තේ.

ඒ සඳහා යම් ප්‍රතිපාදනයක් අවශ්‍ය නම් නගර සභා පොදු අරමුදලින් දැරීමට ද උපදෙස් ලැබුණු බව ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය 13 වනදා මහරගම නගර සභා බල සීමාවට අයත් බැරෝඩා වත්තේ ජොරානිස් පීරිස් සුසාන භූමියට අවිධිමත් ආකාරයෙන් මෘත දේහ බැහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීරණ ගෙන ඇත්තේ.

මෙම සාකච්ඡාව සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා, පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ අංශ ප්‍රධානීන් හා මහරගම නගර සභා ලේකම්වරයා මෙන්ම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරකට නිසි අවසන් ගෞරවයක් ලබාදෙමින් ඔවුන්ගේ ඥාතින් අවසන් කටයුතු සිදු කරන්නේ මහත් භක්තියෙන්.

එම තත්වය මග හරිමින් පසුගියදා සිදුවූ අවාසනාවන්ත තත්ත්වය යළි කිසිදා සිදු නො වීමේ අරමුණින් මින් ඉදිරියට ලබා දෙන මළ සිරුරු ජාතික අවශ්‍යතාවයක් සේ සලකා ආදාහනය කිරීමට පියවර ගන්නා බවයි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ.

ඊට අමතරව මාස හයකට පමණ වරක් මෙලෙස බැහැර කරන මළ සිරුරු ආදාහනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නගර සභා අරමුදලින් ලබා දීමට ද පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරිය පොරොන්දු වී තිබෙනවා.

ඊට අමතරව අධ්‍යයන කටයුතුවලින් ඉවත් කෙරෙන මළ සිරුරු හා එහි කොටස් මින් ඉදිරියට බැහැර කිරීමේදී එම මෘත දේහයන් පෙට්ටියක බහා මුද්‍රා තබා ලබාදීමටත්, මෙතෙක් ටෙන්ඩර් පටිපාටියට අනුව මෘත දේහයන් බැහැර කිරීම පවරා තිබූ මහරගම ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවේ අවසර පත්‍රය අත්හිටුවා යළි සමාලෝචනය කිරීමටත් වෛද්‍ය පීඨ බලධාරීන් පියවර ගත් බව ද ලේකම්වරයා ප්‍රකාශ කළා.

මීට පෙර බැහැරලූ සියලුම මෘතදේහ හා එහි කොටස් නිසි පරිදී භූමදාන කිරීමට මහරගම නගර සභා බලධාරීන් මේ වන විට පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42