අධ්‍යක්ෂ ජනරාල්වරිය කඳුළු සලමින් කරපු දේ

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සියලු පශු වෛද්‍ය නිලධාරීන්ඊයේ (24) සිට අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත්විය.

ඒ රිදියගම සෆාරි උද්‍යානයේ සේවකයින් පිරිසක් එහි සේවය කරන පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ මහතාට පහරදීමේ සිද්ධියට අදාළව කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලමින්ය.

රිදියගම සෆාරි උද්‍යානයේ පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ මහතාට එහි සේවකයින් පිරිසක් පෙරදා (23) පස්වරුවේ පහරදීමක් සිදුකර තිබුණි.

ඒ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය ද එහි ක්ෂේත්‍ර චාරිකාවක නිරතව සිටින අතරතුරදීය.

පහරකෑමෙන් තුවාල ලද පශු වෛද්‍යවරයා හම්බන්තොට මහරෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.‍

රිදියගම සෆාරි උද්‍යානයේ උපත ලද ඩෝරා සිංහ පැටවාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා ‍ලෙස ප්‍රියසාද් එදිරිවර්ණ මහතා පසුගිය සමයේ කතාබහට ලක්වු වෛද්‍යවරයෙකි.

මෙම සිද්ධියෙන් අනතුරුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේදී තමන් මුහුණ දුන් අත්දැකීම් සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂ ජනරාල්වරිය අද මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු සඳහන් කළාය.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ,

“ඊයේ මං රිදියගම සිට කොළඹ එනකොට මගේ වාහනයේ ඉස්සර රෝද දෙකටම වැලි පුරවලා වහලා තිබුණා.”

“ඇමතිවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, මමත් තවත් කිහිප දෙනෙක් ඉන්නකොට අමාත්‍යවරයා මට කිව්වා ජනමාධ්‍ය මගින් මට සහාය දෙන්නේ මගේ පොත්ත සුදු නිසා කියලා.”

“කනගාටුවට කාරණයක්. කාන්තාවක් හැටියට මම ලැජ්ජා වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව රටේ ආර්ථිකය විකෘති කරලා ඉවරයි - ආයේ බලන්න දෙයක් නෑ
05:07
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි වැරදියි කියලා තාම ඔප්පුවෙලා නෑ
12:58
Video thumbnail
තව මාස 4කට රටේ වැසි තත්ත්වයක්..? කාලගුණය ගැන අනතුරු අඟවයි
03:10
Video thumbnail
වන අලි තර්ජනය නිසා ගමක් අමාරුවේ වැටෙයි
00:50
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47