spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද සිට 1250ට අඩුවෙන් චිකන් – වැඩියෙන් වික්කොත් පැමිණිලි කරන්න අංකයක් (වීඩියෝ)

කුකුල් මස් කිලෝග්‍රෑමයක් අද (02) දිනයේ සිට රුපියල් 1250කට වඩා අඩු මිලකට සුපිරි වෙළඳසැල් වලින් මිලදී ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ, අනුව වැඩි මිලකට කුකුල් මස් අලෙවි කරන සුපිරි වෙළඳසැල් සම්බන්ධයෙන් 071 2732679 යන දුරකථන අංකයට දැනුම්දිය හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කුකුල් කර්මාන්තයේ යෙදෙන සියලුම සංවිධාන සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකකින් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මේ බව සඳහන් කළා.

එමෙන්ම තවත් සති දෙකක පමණ කලයකින් කුකුල් මස් මිල තව දුරටත් අඩුවනු ඇති බවයි තමන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර සත්ව ආහාර මිල අඩුවීම සැලකිල්ලට ගෙන බිත්තර මිල අඩු කිරීමට ද බිත්තර නිෂ්පාදකයින් මෙහිදී එකඟ වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
10
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?