අද සිට 1250ට අඩුවෙන් චිකන් – වැඩියෙන් වික්කොත් පැමිණිලි කරන්න අංකයක් (වීඩියෝ)

කුකුල් මස් කිලෝග්‍රෑමයක් අද (02) දිනයේ සිට රුපියල් 1250කට වඩා අඩු මිලකට සුපිරි වෙළඳසැල් වලින් මිලදී ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ, අනුව වැඩි මිලකට කුකුල් මස් අලෙවි කරන සුපිරි වෙළඳසැල් සම්බන්ධයෙන් 071 2732679 යන දුරකථන අංකයට දැනුම්දිය හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කුකුල් කර්මාන්තයේ යෙදෙන සියලුම සංවිධාන සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකකින් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මේ බව සඳහන් කළා.

එමෙන්ම තවත් සති දෙකක පමණ කලයකින් කුකුල් මස් මිල තව දුරටත් අඩුවනු ඇති බවයි තමන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර සත්ව ආහාර මිල අඩුවීම සැලකිල්ලට ගෙන බිත්තර මිල අඩු කිරීමට ද බිත්තර නිෂ්පාදකයින් මෙහිදී එකඟ වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21