අද සිට රාත්‍රී කාලයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.
අද පස්වරු 05.30 සිට රාත්‍රි 09.30 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදුවනු ඇති බවයි එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති පැවසුවේ.
කැලණිතිස්ස බලාගාරය අසල පිහිටි පෞද්ගලික විදුලි බලාගාරයක් ඇති දෝෂයක් හේතුවෙන් එලෙස විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව එම විදුලි බලාගාරයේ සැපයුම යථා තත්ත්වයට පත්වන තුරු නැවත දැනුම් දෙනතුරු විදුලි කප්පාදුව සිදුකරන බව විදුලිබල අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.














මුන්දැන් විදුලි කප්පාදුවක් කියල, අපි රටේ මිනිස්සුන්ට කරදර කරන්න කැමතිනෑ කියල කොහොම හරි හැඩල් කරනව කියල කියන්න හදන්නෙ මට පේන්නෙ. මෙව්ව මුන්ගෙ ගේම්. අපි දන්නෙ නැද්ද රාජපක්ශලගෙ ගේම්.
අවුලක් ඇත්තේතේම නැ