spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද සිට රාත්‍රියේ රස්නය වැඩිවෙයි (වීඩියෝ)

අද (26) සිට රාත්‍රී කාලයේ උෂ්ණත්වයේ ඉහළ යාමක් සිදුවනු ඇති බව කාලගුණ අංශ පෙන්වා දෙනවා.

පසුගිය දිනවල පැවති දහවල් කාලයේ සිරුරට දැනෙන උෂ්ණත්වයේ යම් අඩුවක් පෙන්නුම් කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න සඳහන් කළේ.

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල දවල් කාලයේ දී මෙන්ම රාත්‍රී කලයේ දී පැවති අධික උෂ්ණත්වය හේතුවෙන් ජනතාව විශාල පීඩාවකට පත් වුණා.

කෙසේ වෙතත් එම කාලගුණ තත්ත්වයේ යම් වෙනසක් අද (26) සිට දක්නට ලැබෙනු ඇති බව කාලගුණ අංශ අනාවැකි පළ කරනවා.

දහවල් කාලයේ පැවති අධික උෂ්ණත්වය තරමක් අඩුවී රාත්‍රී කාලයේ දී උෂ්ණත්වයේ වැඩිවීමක් සිදුවනු ඇති බවයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
5
+1
6
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?