spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද සිට පැය තුනක විදුලි කප්පාදුව සිදුවෙන්නේ මෙහෙමයි

හෙට (16) සිට ලබන 19 වනදා දක්වා පැය 03ක කාලයක් දෛනිකව විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙනවා.

ඒ, අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 01යි මිනිත්තු 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බවයි එම කොමිසම සඳහන් කළේ.

එමෙන්ම CC කාණ්ඩයට අයත් ප්‍රදේශවලට උදෑසන 6.00ත් 8.30ත් අතර කාලයේ පැය 02යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙන අතර M,N,O,X,Y,Z යන කලාප සඳහා උදෑසන 5.30ත් 8.30ත් අතර පැය 03ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ හදිසියේ ඇති වූ තාක්ෂණික දෝශයක් හේතුවෙන් මේ වනවිට අක්‍රීය වී තිබෙනවා.

ඒ අනුවයි මෙලෙස දෛනික විදුලි කප්පාදුව පැය 03ක් දක්වා දීර්ඝ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?