අද සිට දුම්රිය ආසන වෙන්කිරීම Online පමණයි

අද සිට දුම්රිය ආසන වෙන්කිරීමේ ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මීට අමතරව රාජ්‍ය සේවකයින් සඳහා හිමිවන නිදහස් බලපත්‍රය වෙන් කිරීමේ අවස්ථාවද මාර්ගත ක්‍රමය ඔස්සේ සිදු කළ හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.

මීට පෙර ආසන වෙන් කිරීමේ පහසුකම් ඇති සෑම දුම්රියක් සඳහාම එම සේවාව ලබා ගත හැකි වුණේ, අදාළ ගමනට දින 30කට පෙරයි.

මේ යටතේ පළමු,දෙවන,තුන්වන පන්ති වල, වෙන්කල ආසන හෝ නිදන ආසන වෙන් කර ගත හැකි අතර වායු සමනය කළ පළමු පන්තිය, නැරඹුම් මැදිරියේද ආසන වෙන් කර ගැනීමේ හැකියාව පැවතුනා.

ඒ දුරකථන මාර්ගයෙන් හෝ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිසීමෙන්.

කෙසේ වෙතත් රජයේ සේවකයින්ට ලබා දෙන නිදහස් ගමන් බලපත්‍ර හෙවත් “වොරන්ට්ස්” සඳහා ආසන වෙන් කරවා ගැනීමට, ආසන වෙන්කිරීමේ පහසුකම් ඇති දුම්රිය ස්ථානයක් වෙත යා යුතුව තිබුණා.

කෙසේවෙතත්, මෙවෙද්දී මෙම දුම්රිය ආසන වෙන්කිරීමේ ක්‍රියාවලිය, සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

ඒ අනුව, අද රාත්‍රී 7 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීම සිදුකළ හැකි වනවා.

දුම්රිය බලපත්‍ර සඳහා ද අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට දුම්රිය බලපත්‍ර ලාභින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වන http://seatreservation.railway.gov.lk/mtktwebslr/ පිවිස ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගත හැකියි.

බලපත්‍රයේ අවශ්‍ය තොරතුර පද්ධතියට ඇතුළු කිරීමෙන් පසුව එම තොරතුරුවලට ගැලපෙන පරිදි තම ආසනය අන්තර්ජාලය ඔස්සේ වෙන්කරවා ගැනීමට බලපත්‍ර ලාභීන්ට හැකියාව පවතිනවා.

ඒ අනුව, ප්‍රවේශපත් වෙන් කරවා ගැනීමේ දී පෝලීම්වල රැදී නොසිට තමන් සිටින ස්ථානයේ සිට ආසන වෙන් කරවා ගැනීමට මේ හරහා අවස්ථාව හිමිවනවා.

කෙසේ වෙතත් ආසන වෙන් කිරීම සිදුකර දින 07ක් ඇතුළත හෝ දුම්රිය ගමනට පැය 48 කට පෙර හෝ බලපත්‍ර හිමියා තම බලපත්‍රය ආසන වෙන් කිරීමේ පහසුකම ඇති දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කිරීම අනිවාර්යය වනවා.

තවද ආසන වෙන් කිරීමේ පද්ධතිය හරහා ලබාගනු ලබන ප්‍රවේශ පත්‍රයක් මුද්‍රණය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති අතර මගියා විසින් මුද්‍රණය කරගත් ප්‍රවේශ පත්‍රය හෝ ප්‍රවේශ පත්‍රයෙහි මෘදු පිටපතක් පමණක් ප්‍රමාණවත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27