අද විදුලිය විසන්ධි වෙන හැටි

අද (08) දිනයේත් දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව  ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව E සහ F කලාපවලට පැය 07යි මිනිත්තු 30ක සහ අනෙක් කලාපවලට පැය 03ක විදුලි කප්පාදුවක් සිදුවන බව විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

E කලාපයට පෙරවරු 8.00 සිට පස්වරු 01.00 දක්වාත් පස්වරු 6.00 සිට රාත්‍රි 8.30 දක්වා විදුලි කප්පාදුවක් සිදුකරන අතර F කලාපය සඳහා පස්වරු 1.00 සිට පස්වරු 6.00 දක්වා රාත්‍රි 8.30 සිට රාත්‍රි 11.00 දක්වාත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

ඊට අමතරව T,U,V,W,R,S,P,Q කලාප සඳහා දිවා කාලයේ පැය දෙකක් සහ රාත්‍රි කාලයේ පැයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

අදාළ විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම ද අවසර ලබා දී තිබේ.

මේ අතර විදුලිබල මණ්ඩලය සඳහා අවශ්‍ය ඉන්ධන සෘජුවම ආනයනය කිරීමට  පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ විදුලි කප්පාදුව නතර කිරීමට හැකියාව ලැබෙනු ඇති බවය.

රට තුළ පවතින ඉන්ධන සහ විදුලි අර්බුදය සම්බන්ධයෙන් ඊයේ (07) පස්වරුවේ රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර ඊට විසඳුම් ද යෝජනා වු බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24