spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද විදුලිය කපන වේලාව වෙනස් වෙයි

දැනට පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය පැවැත්වෙන කාල සීමාව තුලදී විදුලිය විසන්ධි වීම වැළැක්වීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලය අද නිවේදනය කර සිටිනවා.

විභාගය පැවැත්වෙන අද පෙරවරු 08.30 සිට 11.30 දක්වා සහ පස්වරු 01.30 සිට පස්වරු 04.30 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස තීරණය කර ඇති බවටයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනී සඳහන් කර සිටියේ.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජානක රත්නායක පැවසුවේ කෙසේ වෙතත් අද පස්වරු 04.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි වන බවයි.

විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක් මත කාණ්ඩ දෙකක් යටතේ අද (21) සිට විදුලි කප්පාදුවක් සිදු කිරීමට මීට පෙර තීරණය කර තිබුණා.

දකුණු පළාත හැර අනෙකුත් සියලුම ප්‍රදේශ සඳහා අද පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදී ඇත. අද දිනයේ දකුණු පළාතට පැය තුනක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ද කොමිසම අනුමැතිය ලබාදී තිබුණා.

මහජනතාවට තම ප්‍රදේශයන්හි නියමිත විදුලිය විසන්ධි වීම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට :

https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/02/Power-Interruption-Schedule-21-02-2022.pdf

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?