අද විදුලිය කපන වේලාව වෙනස් වෙයි

දැනට පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය පැවැත්වෙන කාල සීමාව තුලදී විදුලිය විසන්ධි වීම වැළැක්වීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලය අද නිවේදනය කර සිටිනවා.

විභාගය පැවැත්වෙන අද පෙරවරු 08.30 සිට 11.30 දක්වා සහ පස්වරු 01.30 සිට පස්වරු 04.30 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස තීරණය කර ඇති බවටයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනී සඳහන් කර සිටියේ.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජානක රත්නායක පැවසුවේ කෙසේ වෙතත් අද පස්වරු 04.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි වන බවයි.

විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක් මත කාණ්ඩ දෙකක් යටතේ අද (21) සිට විදුලි කප්පාදුවක් සිදු කිරීමට මීට පෙර තීරණය කර තිබුණා.

දකුණු පළාත හැර අනෙකුත් සියලුම ප්‍රදේශ සඳහා අද පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදී ඇත. අද දිනයේ දකුණු පළාතට පැය තුනක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ද කොමිසම අනුමැතිය ලබාදී තිබුණා.

මහජනතාවට තම ප්‍රදේශයන්හි නියමිත විදුලිය විසන්ධි වීම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට :

https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/02/Power-Interruption-Schedule-21-02-2022.pdf



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14