අද රාත්‍රී 10 සිට නිරෝධායන ඇඳිරිනීතිය

අද (20) රාත්‍රී 10 සිට ලබන 30 වනදා දක්වා දිවයින පුරා නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන බව යුද හමුදාපතිවරයා පවසනවා.

එම කාලය තුළ, අත්‍යාවශ්‍ය සේවා,සාමාන්‍ය පරිදි පවත්වාගන යා හැකියි .

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ නිවසට ගොස් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත්කරණය කිරීම සිදුකරන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළා