අද රාත්‍රියේ උල්කාපාත වර්ෂාවක් (වීඩියෝ)

මෙම වසරේ දැක ගැනීමට හැකියාව ලැබෙන ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් අද (20) රාත්‍රියේ දැක ගැනීමට හැකියාව ලැබෙන බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු ගිහාන් වීරසේකර පවසනවා.

‘ඔරායනිඩ්ස්’ නැමැති උල්කාපාත වර්ෂාව අද (20) රාත්‍රි එකොළහෙන් පසු අහස නිරීක්ෂණය කිරීමේ දී දැක ගැනීමට හැකි බවයි ඔහු සඳහන් කළේ.

‘ඔරායන්’ නැමැති තාරුකා රාශිය වටා මෙම උල්කාපාත වර්ෂාව දැකගැනීමට හැකි බව සඳහන් කළ අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු ගිහාන් වීරසේකර, අලුයම තුනත් – පහත් අතර කාලය තුළ ‘ඔරායනිඩ්ස්’ උල්කාපාත වර්ෂාව ඉතා පැහැදිලිව දැකගැනීමට හැකි බවයි පැවසුවේ.

එමෙන්ම මෙම උල්කාපාත වර්ෂාව ‘හැලීගේ ධූමකේතුවෙන්’ ඇති වීම විශේෂ කරුණක් ලෙස ඔහු සඳහන් කර සිටියා.