spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද මැදියම් රැයේ සිට ගෑස් මිලේ ඉහළ යාමක්

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ දමන බව ලිට්‍රෝ සමාගම ඊයේ (03) දැනුම් දුන්නා.

ඒ, අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 70.00ත් 90.00ත් අතර අගයකින් ඉහළ දමිමර නියමිත බවයි එම සමාගම සඳහන් කළේ.

මාසිකව සිදුකරන මිල සංශෝධනයට අනුව මෙලෙස මිල ඉහළ දමන බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කළා.

පසුගිය ඔක්තෝම්බර් මස 04 වනදා අවසන් වරට ගෑස් මිල සංශෝධනය සිදු කෙරුණු අතර, එහිදී කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343කින් ඉහළ දමනු ලැබුවා.

ඒ, අනුව මේ වනවිට වෙළෙඳපොළේ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,470ක මිලකට අලෙවි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?