අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 346ක්.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීරයක මිල රුපියල් 3කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 426ක් වනු ඇති.
රුපියල් 356ක්ව පැවති ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 329ක් වන අතර එය අඩු කර ඇත්තේ රුපියල් 27කින්.
සුපිරි ඩීසල් ලීරයක මිල රුපියල් 3කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 434ක් වනවා.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු කර තිබෙනවා. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 247ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
5
+1
32
+1
4
+1
3
+1
5
+1
8













