කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියට – කඳුරුවෙල, ගල්ලෑල්ල ප්‍රදේශයේ දී අද (18) අලුයම 05.30ට පමණ වනඅලියෙකු ගැටීමෙන් එම සත්ත්වයා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
පොළොන්නරුව වනජීවී කාර්‍යාල නිලධාරීන් පැවසුවේ අලියා දුම්රියෙහි ගැටීමෙන් පසුව නිවසක් අසල පිහිටි ප්‍රධාන මාර්ගයෙන් ගොස් එහි ඇද වැටී ඇති බවයි.
වනඅලියා දුම්රියේ ගැටීමෙන් අනතුරුව ද අසාධ්‍යය තත්ත්වයෙන් මහා මාර්ගය හරහා ගමන් කරන අයුරුත් ප්‍රදේශවාසියෙකු සිය දුරකථනයෙහි සටහන් කරගෙන තිබුණා.














කලින් කිව්වෙ ආයි වන අලි දුම්රියෙ හැපෙන්නෑ කියල 😪😪