අද පහෙන් පසු සිදුවන දේ මෙන්න

අද(18) පස්වරු 5.00 සිට කැලණිතිස්ස විදුලි බලාගාර සංකීර්ණයේ සියලු ම තාප විදුලි ජනන යන්ත්‍ර අක්‍රිය කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

මීට හේතු වී ඇත්තේ, එම විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග අද සවස් වනවිට අවසන් වීමයි.

අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීමට අවස්ථා ගණනාවක දී බලශක්ති අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ සාකච්ඡා කළ ද එම සාකච්ඡාවලට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් හිමි වී නැහැ.

මේ අනුව අද සවස පහේ සිට ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 300ක ධාරිතාවක් අහිමි වනු ඇති.

මේ හේතුවෙන් අද දින සිටම රාත්‍රී කාලයේ පැය එක හමාරක විදුලි කප්පාදුවක් කිරීමට සිදු වනු ඇති බවට යි විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික විමලරත්න පවසන්නේ.

මේ අතර තත්ත්වය මෙසේ තිබිය දී විදුලිබල මණ්ඩල ඉංජිංජිනේරු සංගමය අද දින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නො කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකටත් එළඹී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27