අද පක්ෂ නායක රැස්වීම තීරණාත්මකයි! සහභාගිත්වය අනිවාර්ය කරමින් දුරකතන ඇමතුම් යයි

අද (18) දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම ඉතා තීරණාත්මක එකක් වීමට නියමිතය.

ඒ, ඊට 20 වන සංශෝධනය අහෝසි කිරීමේ‌ යෝජනාව පැමිණීමට නියමිතව ඇති නිසාය.

මේ හේතුවෙන් වෙනදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමවලට සහභාගී නොවන පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ට පවා ඊට සහභාගී වන ලෙස දැනුම් දෙමින් ආණ්ඩු පක්ෂයෙන් දුරකතන ඇමැතුම් ලබා දි ඇති බව දැනගන්නට ඇත.

‌අද පස්වරු 3ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.